×

GRETA THUNBERG පොලිස් අත්අඩංගුවට!

ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් එම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කළ අතර එහිදී ඇයව අත්අඩංගුවට ගැනුණි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Greta Thunberg දේශගුණික ක්‍රියාකාරිනයක වන අතර ඇය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

ග්‍රේටා තන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇත්තේ, නේදර්ලන්තයේ හේග් අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදියි. පොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළකරමින් සංවිධානය කර තිබු විරෝධතාවයකට ඇය සහභාගි වී තිබුණු බව වාර්තා වේ.

ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් එම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කළ අතර එහිදී ඇයව අත්අඩංගුවට ගැනුණි.

කුඩා කල සිටම සමාජ ක්‍රියාකාරිනයක් ලෙස කටයුතු කරන Greta Thunberg මේ වන විට 21ක් වන වියේ පසුවන අතර කිහිපවරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි