×

දේශගුණික විපර්යාස නිසා මක්කම වන්දනාව ඇණහිටීද?

මක්කම වන්දනාව යනු ඉස්ලාම් බැතිමතුන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අංගයකි. එහෙත් සවුදි අරාබියේ මක්කම නගරයේ මේ දින වල පවතින අධික රශ්මිය මිනිසා හට ඉතාමත් අහිතකර බව පැවසේ.


ඇමරිකානු භූභෞතික පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇති අන්දමට සවුදි අරාබියේ මක්කම නගරයේ මේ දින වල පවතින අධික රශ්මිය මිනිසා හට ඉතාමත් අහිතකර බව පැවසේ. 

ඉදිරි දශක ගණනක් පුරාවට පවතින්නේ යැයි විද්‍යාඥයින් දැනටමත් අනතුරු අඟවා ඇති මෙම දේශගුණ විපර්යාස හමුවේ සවුදි අරාබියේ මක්කම නගරය වන්දනා කිරීමට යන මිලියන ගණනක් වූ ඉස්ලාම් බැතිමතුන් අධික රශ්මියට නිරාවරණය වී අපහසුතාවට පත්වන බවට වාර්තා වේ. 

American Geophysical Union පවසන අන්දමට, මෙම දේශගුණික විපර්යාස හමුවේ, අඩු වැඩි වශයෙන්, 2020 වන විට තාප ආතතිය ඉතා උග්‍ර මට්ටමකට පැමිණෙනු ඇති අතර, එම තාප ධාරා අනාගතයේ 2047 – 2052 හා 2079 – 2086 යන කාලවකවානු වල සංඛ්‍යාතය අතින් ඉහල යෑමේ අවදානමක් ඇත. 

මක්කම කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයක් විසින් වාර්තා කරන ලද අන්දමට, එම නගරයේ උෂ්ණත්වය පසුගිය දශක තුන තුළ සෙල්සියස් අංශක දෙකක් ඉහළ ගොස් ඇති අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා ඉහළ අගයක් බවට වාර්තා වේ. 

හජ් නොහොත් මක්කම වන්දනාව යනු ඉස්ලාම් බැතිමතුන්ගේ ජීවිතයේ ඉතා වැදගත් අංගයකි. සෑම ඉස්ලාම් බැතිමතෙකුම තම ජීවිත කාලය තුළ එක් වරක් මක්කම වන්දනාව කරනා බව කියවේ. සීමිත සම්පත් ඇති බොහෝ ජනතාව හට පවතින මෙම අධික තාපය හමුවේ එම අවස්ථාවද අහිමි වී යනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි