×

දේශගුණික විපර්යාසය වෙනුවෙන් පියවර නොගැනීමට එරෙහිව ලොව පුරා පාසැල් සිසුන් වර්ජනයේ.

මේ සදහා රටවල් සියයක සිසුන් එක් වී ඇති බවට වාර්ථා වේ.


දේශ ගුණික විපර්යාසයට එරෙහි ලොව පුරා පාසැල් සිසුන්ගේ වර්ජනය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

දේශ ගුණික විපර්යාස හේතුවෙන් මේ වන විට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින අර්බුද වලින් මිදෙන්නටනම් ඊට එරෙහිව සියලු රජයන් විසින් ක්‍රියාමාර්ග ගත යුතු බවට බල කරමින් ලෝකය පුරා පාසැල් ශිෂ්‍යයින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
අද වන වට එය රටවල් රැසක සිසු සිසුවියන් විසින් දැඩි ක්‍රියාමාර්ගයන් සමග සමස්ත ලෝකයටම බල කරමින් සිටින්නේ දේශ ගුනික විපර්යාසයන්ගෙන් ලෝකය මුදා ගැනීමට දායක වන ලෙසයි.
මේ විරෝධතාව දැක්වීම සදහා පාසැල් සිසුන් සිය පංතිකාමරවල අධ්‍යාපන ක්‍රියාකාරකම් වලට නොයා විරෝධතාවට එක්වෙමින් සිටිති.


ඉන්දියාව, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල පාසැල් සිසු සිසුවියන් මේ සදහා පෙරමුණ ගන්නා ලදී.

මේ සදහා රටවල් සියයක සිසුන් එක් වී ඇති බවට වාර්ථා වේ.


ඔවුන් මෙසේ දේශ ගුණික විපර්යාස සදහා ලෝකයේ ඇස් විවර කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ ස්වීඩනයේ ග්‍රේටා තන්බර්ග් නම් පාසැල් ශිෂ්‍යාව විසින් සතිපතා ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරියේ මේ සම්බන්ධ විරොධතාව දැක්වීම ආරම්භ කිරීමත් සමගය. ඇගේ මෙම ක්‍රියාව හේතුවෙන් මේ වන විට නොබෙල් සාම ත්‍යාගය සදහා ඇගේ නමද යෝජනා වී ඇත.
පසුගිය දින ස්විට්සර්ලන්තයේ ඩාවොස්හී පැවති ලෝක ආර්ථික සමුළුවේදී 16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් ප්‍රකාශ කරන ලද්දේ ඉහළ නිළතල හොබවන පුද්ගලයින් සහ දේශපාලකයන් මේ වෙනුවෙන් වග කිව යුතු බවය.


විද්‍යාඥයින් මෙන්ම පරිසර වේදීන්ද පවසන්නේ ගෝලීය උණුසුම අවම කිරීම සදහා දැඩි පියවර ගැනීමේ කාලය මේ වන විට පැමිණ ඇති බවයි.

2017 වසරේදී පැවැතුණු පැරිස් දේශ ගුණික විපර්යාසය සම්බන්ධ රටවල් 200ක සහභාගී වී සමුළු වේදී. ගෝලීය උණූසුම සෙල්සියස් අංශක 2 දක්වා අඩු කර ගැනීමට ගිවිස ගන්නා ලදී
නමුත් රටවල් රැසක් විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම ම ගිවිසුම කඩ කර ඇත‍

මේ ආකාරයෙන් පාසැල් සිසුන් පාසල් වේලාවේ පංති වර්ජනය කිරීම පිළබද ඇතැම් රටවල් හී දේශපාලකයන් සහ නිළධාරීන් විසින් විවේචන ඉදිරිපත් කරමින් සිටී. මේ පිළබදව ඔසුට්‍රෙලියානු අධ්‍යාපන අමාත්‍ය වරයා පවසා ඇත්තේ” මෙසේ පාසැල් දරුවන් පාසැල් කාලය තුළ කටයුතු කිරීම පැසසිය යුතු කරුණක් නොවන බවයි.”

එංගලන්තයේ අධ්‍යාපන ලේකම් ඩේමියන් හන්ඩ්ස් පැවසා ඇත්තේ මෙමගින් පාඩම් කටයුතු කරන්නට ඇති වේලාව නාස්ති වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි