×

කොකා කෝලා සමාගමට වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 3 ක් ඕනෑ!

තමන්ට වසරකට කොපමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍යදැයි කොකාකෝලා සමාගම ඉතිහාසයේ පළමු වරට හෙළිදරව් කරයි.


තමන්ට වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 3 ක් අවශ්‍ය වන බව කොකාකෝලා සමාගම පළමු වරට හෙළිදරව් කළේය. සැබවින්ම ඔවුන්ට එය හෙළිදරව් කරන්නට සිද්ධ වී තිබේ.

ඒ, ලොව පුරා රටවල් විසින් ‘ප්ලාස්ටික් පොලියුෂන්‘ හෙවත් ‘ප්ලාස්ටික් දූෂණය‘ අවම කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන් තුළ ප්ලාස්ටික් පාවිච්චියේ යෙදී සිටින සමාගම් ඒ වෙත නැඹුරු කිරීම පිණිස  Ellen MacArthur Foundation විසින් සිදුකළ පර්යේෂණයක වාර්තාවක් හරහා ය.

මේ වන විට ලෝකයේ ප්‍රකට සමාගම් 150 ක් පමණ ප්ලාස්ටික් පරිභෝජනය සිය නිෂ්පාදන කටයුතු තුළ අවම කර ගැනීමට ප්‍රතිඥා දී තිබේ. කොකාකෝලා සමාගම ද ඒ අතර වේ.

කොකාකෝලා සමාගම මෙසේ පරිසරය ගැන සිතන්නට පටන් ගෙන තිබුණත්, පෙප්සි සමාගම එසේ නොවේ. ඔවුන් අවම වශයෙන් තමන් කොපමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් පාවිච්චි කරනවාද යන්න පවා හෙළිදරව් කර නැත. එසේත් නැතිනම් එසේ හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

Bottles of Coca-Cola
2017 වසරේදී කොකාකෝලා සමාගම විසින් ප්ලාස්ටික් ටොන් මිලියන 3 ක් පාවිච්චි කර ඇත.
GETTY IMAGES

2018 වසරේදී කොකාකෝලා සමාගම කියා සිටියේ වසර 2030 වන විට තමන් විසින් අලුතෙන් නිකුත් කරන සෑම ප්ලාස්ටික් බෝතල් දෙකකින් එකක් ප්‍රතිචක්‍රීකරණය වූ බෝතලයක් හෝ කෑන් එකක් වනු ඇති බවයි. ඔවුන් සිය කර්මාන්තය තුළ ප්ලාස්ටික් දූෂණය අවම කර ගැනීමට දී ඇති ප්‍රතිඥාව වන්නේ එයයි.

කොකාකෝලා සමාගම මේ වන විට සිසිල් බීම, යුෂ සහ පානීය ජලය යන පාරිභෝගික අංග, සන්නාම 500 ක් යටතේ ලොව පුරා අලෙවි කරයි. තවද ඔවුහු ප්‍රතිචක්‍රීකරණ පිළිවෙත් වලට ලොව පුරා උත්සුක වෙමින් සිටින අයුරු ද පෙනේ.

Plastic bottles of Dasani water
GETTY IMAGES

BBC’s Blue Planet 2, වැඩසටහන ඔස්සේ (ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝගේ) සාගරයේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ දැනුවත් වීමෙන් පසු මේ අන්දමින් ලොව පුරා සමාගම් ගණනාවක් ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා සිය උනන්දුව පළ කර තිබේ.

එලන් මැක්ආතර් පදනමේ වාර්තාව සමාගම් 150 ක් සිය පර්යේෂණය සඳහා යොදාගත් අතර ඒ අතරින් 31 ක් මේ වන විට තමන්ගේ ප්ලාස්ටික් පරිභෝජනය පිළිබඳ දත්ත හෙළිදරව් කර ඇත. ඒ අනුව වසරකට,

  • Nestle- නෙස්ලේ සමාගම : ප්ලාස්ටික් ‍ටොන් මිලියන 1.7
  • Colgate – කොල්ගේට් : ප්ලාස්ටික් ‍8ටොන් 7,008 (2018)
  • Unilever – යුනිලීවර් : ප්ලාස්ටික් ‍ටොන් 160,000
  • Burberry – බ්ලූබෙරි: ප්ලාස්ටික් ‍ටොන් 200.

නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්ලාස්ටික් කොපමණ යොදාගන්නේද යන්න හෙළි කිරීම මගින්, කොපමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට බැහැර කරන්නේ ද යන්න ද මේ වන විට මේ සමාගම් මදින් මද හෙළිකරමින් සිටින අයුරු ප්‍රශංසනීය ය.

2019 වසරේ පෙබරවාරියේදී නෙස්ලේ සමාගම සිය පානයන් සඳහා ප්ලාස්ටික් බීම බට පාවිච්චි කිරීම සහමුලින්ම නවත්වා දැමුවේය. මේ වන විට ඔවුන් ඒ සඳහා විකල්ප ලෙස භාවිතා කරන්නේ කඩදාසිවලින් තැනූ බීම බට වේ.

Rubbish washed up on a beach in Bali
බාලි මුහුදු වෙරළේ එක්රැස් වී ඇති ප්ලාස්ටික් කසළ
GETTY IMAGES

මූලාශ්‍රය : BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි