Wild Comedy life Photography Awards 2018
මෙම ඡායාරූප තරගය සඳහා ලෝකයේ නන්දෙසින් ඡායාරූප දහසකට වඩා ඉදිරිපත් වූ අතර, මුල් ස්ථාන දිනාගත් ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ විල්පත්තුවේදී විදේශිකයෙකුගේ කැමරා ඇසට හසුවූ උරගයන් දෙදෙනෙකුගේ ද ඡායාරූපයක් ඇත. එයට නම යොදා තිබෙන්නේ ‘විල්පත්තුවේදී ටැංගෝ නැටුම් නටන උරගයෝ‘ යනුවෙනි.
පහත දැක්වෙන්නේ මෙම ඡායාරූප තරගයේ ජයග්‍රාහී ඡායාරූපයන් ය.
මෙහි මුල් තැන දිනාගත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා හි මේරි මැක්ගොවාන් විසින් කාච ඇසට හසුකරගත් Caught in the Act නමැති පහත ඡායාරූපයයි.
එහි දැක්වෙන්නේ විලම්බීත වූ ලේනෙකි. මෙය හොඳම ඡායාරූපයට අමතරව People’s Choice සහ Creatures of the Land සම්මානය ද දිනාගත්තේය.
ෂේන් කීනා විසින් ලබාගත් මේ ඡායාරූපය Creatures of the Air – ගුවනේ පියාඹන සත්තු කාණ්ඩය යටතේ ජයග්‍රහණය කළේය.
Image copyright- SHANE KEENA/CWPA/BARCROFT IMAGES
ටාන්යා හූපමන් විසින් ‘මුහුද යට‘ Under the Sea කාණ්ඩය යටතේ කැමරාවට සිනාසෙන නිල් මෝරෙකු නිසා ජයග්‍රහණය කළාය.
Image copyright – TANYA HOUPPERMANS/CWPA/BARCROFT IMAGES
පහත දැක්වෙන ඡායාරූප ද විනිසුරු මණ්ඩලයේ නොමද ප්‍රශංසාවට ලක්විය.
මේ රයිනෝසිරස් සත්වයා කැලොල් මුඛර්ජිගේ කැමරා ඇසට හසුවන්නේ ඉන්දියාවේ ගෝරුමාරා ජාතික උද්‍යානයේදී ය. රයිනෝට පිටුපසින් පිල් විහිදාගත් මොණරෙකු සිටියි. නමුත් බැලූ බැල්මට දිස්වන්නේ රයිනෝ පිල් විදිහාගෙන සිටින බවකි.
නොසන්සුන් වී සිටින මේ වලසා ජීවත් වන්නේ ඇලස්කාවේ ය. ඩැනියෙල් ඩියරේමෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.
හිම මත අටවා ඇති කැමරාවක් තුළින් එබී බලන හිම වලසෙකි. රෝයි ගැලිට්ස් විසින් මේ ‘නැගී එන ඡායාරූප ශිල්පියා‘ව කැමරා ඇසට හසුකරගත්තේ ස්වැල්බාද් හිදී ය.
ටැංගෝ නර්තනයක් සිහිගන්වන මේ කබර යුවළ ශ්‍රී ලංකාවේ විල්පත්තු අභය භූමියේදී නෙත ගැටී තිබුණේ සෙර්ගෙයි සැවී නමැති රුසියානු ජාතික ඡායාරූප ශිල්පියාගේ ය.
Born Free Foundation පුණ්‍ය පදනමට අනුග්‍රාහයක් වශයෙන් මෙම ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක් ද ප්‍රකාශනයට පත්කිරීමට නියමිත ය.
Article Credit – BBC