×

COP 26 සමුළු සභාපතිනිය දොට්ට!

ක්ලෙයර් පෙරී ඕනීල් මහත්මිය දේශගුණික හදිසි තත්ත්ව පිළිබඳ පිහිටවූ එක්සත් ජාතීන්ගේ කොප් 26 සමුළුවේ සභාපතිනිය ලෙස පත්කරනු ලැබුවේ පසුගිය වසරේ ය.


එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ග්ලැස්ගෝ හි පවත්වන විශේෂ සමුළුවේ සභාපතිනිය ධුරයෙන් නෙරපා දමා ඇති බව වාර්තා වේ.

ක්ලෙයර් පෙරී ඕනීල් මහත්මිය දේශගුණික හදිසි තත්ත්ව පිළිබඳ පිහිටවූ එක්සත් ජාතීන්ගේ කොප් 26 සමුළුවේ සභාපතිනිය ලෙස පත්කරනු ලැබුවේ පසුගිය වසරේ ය.

ඒ අනුව මෙම සමුළුවේ සභාපතිත්වය බ්‍රිතාන්‍ය රජයේ ව්‍යාපාරික දෙපාර්තමේන්තුව මඟින් හොබවුනු ඇති බවට බීබීසී පුවත් සේවය වාර්තා කර සිටියි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඔනීල් මහත්මිය සිය නිල ට්විටර් ගිණුම හරහා බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියාය.

දේශගුණික හදිසි තත්ත්ව පිළිබඳ කටයුතු කිරීමට ස්වාධීන ඒකකයක් පිහිටුවා තිබීම බ්‍රිතාන්‍ය රජයට දරා ගත නොහැකි බවත්, මෙතෙක් කාලයක් පුරාවට දේශගුණික පැණය ආමන්ත්‍රණය කිරීමට කිසිදු කැබිනට් මණ්ඩල හමුවක් පැවැත්වීමට කටයුතු නොකිරීම ලැජ්ජාවට පත් විය යුතු කරුණක් බවත් ඈ සිය ට්විටර් පණිවුඩය ඔස්සේ අවධාරණය කර සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි