×

කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් සේවා සඳහා ඩොලර් බිලියන ගණනක අලාභයක්

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මේ වසරේදී ඩොලර් බිලියන 29.3 ක අලාභයක් දැරීමට ගුවන් සමාගම් වෙත සිදු වී ඇති බව ගෝලීය ගුවන් සේවා කර්මාන්ත ආයතනය අනතුරු අඟවා තිබේ.


කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මේ වසරේදී ඩොලර් බිලියන 29.3 ක අලාභයක් දැරීමට ගුවන් සමාගම් වෙත සිදු වී ඇති බව ගෝලීය ගුවන් සේවා කර්මාන්ත ආයතනය අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) අනාවැකි පළ කරන්නේ දශකයකට වැඩි කාලයක් තුළ පළමු වරට ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති අවස්ථාව මෙය බවයි.

චීනයේ සහ ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් ප්‍රදේශවල ගුවන් සමාගම් වලට මෙය අතිමහත් බලපෑමක් ඇති කර ඇති බව වාර්තා වේ. මෙසේ බලපට ඇති හේතුව නම් ලොව පුරා ගුවන් ගමන් සීමා කිරීමට බල කරමින් නියෝග නිකුත් වීමයි.

සමස්තයක් වශයෙන්, ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සමාගම් වලින් 2020 දී ඩොලර් බිලියන 27.8 ක අලාභයක් අපේක්ෂා කරන අතර ආසියාවෙන් පිටත සිටින අයට ඩොලර් බිලියන 1.5 ක ලාභයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව IATA අනාවැකි පළ කරයි.

IATA හි අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩ්‍රේ ඩි ජුනියාක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය ගුවන් සමාගම් සඳහා ඉතා දුෂ්කර වසරක් වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි