×

කොරෝනාවේ අතුරු ඵලයක් හෙවත් Panic Buying හිස්ටීරියාව

'' අපට ඔබේ උදවු අවශ්‍යයි.. සෑම අයෙකුටම ඔබට අවශ්‍ය දේ ලැබෙයි... නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී නොගන්න ඔබේ අසල්වැසියා ගැනත් සිතන්න... '' මෙවැනි දැන්වීම් රැසක් රටවල් බොහොමයක ආයතන විසින් ඵල කෙරිණි.


Panic buying .. කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමග කළ එළි බැහැගත් මානව ක්‍රියාකාරකම් අතරේ තවත් එකක්. මේ ගැන පසු ගියදා ලංකාවේ බහුතරයක් විවේචනාත්මක ස්වරයෙන් කථා කළ අතර බහුතරයක් විසින් රැයක් එළි වන විට ලංකාවේද සුපිරි වෙළඳ සැල් හිස් කලේ ඉතා වේගයෙනි.

කෙසේ වුවත් ලෝකය පුරා රටවල් panic buying හෙවත් භීතිය නිසා භාණ්ඩ මිලට ගැනීම් ගැන විවිධ කථා බහ පැතිරිණි. මුලින්ම කොරෝනා වෛරසය සිය රාජ්‍යයන් ගිල ගන්නට පෙර ලංකාවේ මෙන්ම අනෙක් රටවලද මුහුණු ආවරණ මිලදී ගන්නට පාරිභෝගිකයන් වෙළදසැල් එළි මහනේ පෝලිම් ගැසිණ. ආසියාවේ, යුරෝපයේ මෙන්ම කෙයේ කොරෝනා රෝගය පැතිර ඇති තවමත් පැතිර නැති සියළු රටවල් මුඛ ආවරණ ඉල්ලුම ඉතා සීග්‍රයෙන් වැඩි වුණේ බොහෝ රටවල මුඛ ආවරණ හිඟය බරපතල ගැටළුවක් බවට පත් කරමිනි.

ඉන් ඉක්බිතිව ලෝකයේ ජනතාව වැඩි පුරම panic buying ස ඳහා යොමුව වී ඇත්තේ වැසිකිලි කඩදාසි හෙවත් Toilet paper මිලදී ගැනීම සදහාය. මුළු මහත් ලෝකයේම වෙළඳසැල්වල Toilet papers හිඟයක් ඇති වූ අතර ඔස්ට්‍රෙලියානු පුවත් පතක් විසින් නොමිලේ පුවත් පතේ පිටු 8ක් Toilet papers වෙනුවට භාවිත කළ හැකි කඩදාසි ලෙස ලබා දෙන ලදී, ඇතැම් පුද්ගලයක් අන්තර්ජාල ඇණවුම් සදහා යොමුවූ අතර ඒවා සඳහා මිල ගණන් ඉහළ යනු දැකිය හැකි විය. මෙම තත්ත්වය විශේෂයෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ආදී රටවල වැඩි වශයෙන් Toilet papers සඳහා ඉල්ලුම අදටත් පවතින අතර එම රාජ්‍ය්‍යන්හී සුපුරි වෙළද සැල් සියල්ලක්ම එක් අයෙකුට එක් වරකට මිලදී ගත හැකි Toilet papers රෝල ප්‍රමාණය සීමා කර ඇත.

එපමණක් නොව බොහෝ වෙළද සැල් වෙතින් පාරිභෝගිකයන් අතර කලහ, පාරිභෝගිකයන්ගේ මැසිවිලි සියල්ලම දැකිය හැකි විය. #ToiletPaperPanic , #ToiletPaperApocalypse ආදී හෑෂ්ටැග් සහිතව පාරිභෝගක ජනතාව අතර කලහ සහිත වීඩියෝ හුවමාරු වනු දැකිය හැකි විය.

Toilet papers සේම පාරිභොගික ඉල්ලුම ඉහළ ගිය තැවත් භාණ්ඩ වූයේ ටින් කළ ආහාර, ජලය, පැස්තා ආදී ආහාර ආදියයි.

ඇයි මේ panic buying

panic buying ඇත්තටම ලෝකයට මේ අවස්ථාවේ සුදුසු දෙයක් නොවුවත් මෙය තේරුම් ගත හැකි තත්ත්වයක් .. විශේෂයෙන්ම ජනතාව අනෙක් නගර වල සිදු වන්නේ මොනවාදැයි දැන ගැනීමට ජනමාධ්‍යට යොමු වන විට හා පුවත් පත් වලට යොමු වීමේදී දකින දර්ශන, කොරෝනා නිසා පීඩා විදින නගර පළාත් කොටින්ම කීවොත් සමස්ත රාජ්‍යයන්ම පීඩා විදින අයුරු දකින විට ඔවුන් එවැන්නක් සදහා යොමුවීම පුදුමයක් නොවේ. නවසිලන්තයේ වෙලිංග්ටන්හී ඔටාගෝ විශ්වවිද්‍යලයේ මහජන සෞඛ්‍ය පිළිබද මහාචාරය මයිකල් බේකර් පවසයි.

2009 වසරේදී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය අවධියේදී මෙලෙස භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව උත්සුක නොවූ අතර ඔහු පවසන්නේ කොරෝනා වෛරසය හා සම්බන්ධව ජනතාවගේ මෙම ප්‍රතිචාරය ස්වභාවික විපතකදී ඇතිවන ප්‍රතිචාරයට සමාන බවයි.

වෙනස වන්නේ කොවිඩ් 19 මිනිසුන් විසින් සැබෑ තර්ජනයක් ලෙස දකින අතර කාලයක් තිස්සේ එය පැවතීමත් කිසිසේත් ඔවුන් බලධාරීන්ගේ පොරොන්දු විශ්වාස නොකිරීමත්ය. මීලගට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබද ජනතාවට නිසි අදහසක් නොවීමද මීට හේතුවයි.

අප දන්නා පරිදි මෙය අමතක නොකළ යුතුයි. අද ජීවතුන් අතර අතර සිටින කිසිවෙකු මේ සා බරපතල වසංගතයක් සම්බන්ධව අවබෝධයකින් තොරය. කිසිවෙකුත් මේසා වසංගතයක් දැක නැත. එමෙන්ම මේ වෙනුවෙන් බොහෝ රාජ්‍යයන් ගෙන ඇති පියවරයන් ප්‍රමාණවත් නොවේ. මහාචරය මයිකල් බේකර් පවසයි.

මෙම වෛරසය ගැන අපි මින් පෙර අසා නැතිතරම් එය කොතරම් කලක් තිබේද යන්න අපට අදහසක් නැහැ. ඒ නිසාම මිනිසුන් දවසක් හෝ වැඩිපුර ජීවත් වීමට උත්සහා කරනවා. ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ පාරිභෝගික හා ව්‍යාපාරික මනෝ විද්‍යා මහාචාර්ය ඩිමිට්‍රියෝස් සිව්රිකෝස් අල් පවසයි.

ඔහු පවසන්නේ ලෝකයේ සියලුම ජනතාව ගෝලීය වශයෙන් දැනුවත් වීමේ සංධිස්තානයක අද සිටින බවත් අනෙක් රටවල සිදුවන්නේ කුමක්ද ගැක ඔවුන් යාවත්කාලීන බවත් පවසක දිමිත්‍රියෝසි පුද්ගලයින් දේශීය සහ විදෙස් පුවත් සසදමින් මීලගට තමන් කුමක් කළ යුතුදැයි යන්න පිළිබදව අවධානය යොමු කරන බවය. panic buying යනු එහි ප්‍රතිඵලයකි.

සමාජ මාධ්‍ය හා panic buying 

ප්‍රධාන පෙලේ මාධ්‍ය යම් සීමාවන් සහිතව තොරතුරු ලබා දීම් සිදු කරනවා මෙන්ම ජනතාව තොරතුරු ලබාගන්නා එකම ප්‍රභවය එයම නොවේ. අන්තර් ජාලය හරාහා සංසරණය වන තොරතුරු panic buying සදහා ප්‍රභල ලෙස බලපෑ තවත් හේතුවකි. අන්තර් ජාලය ඔස්සේ දකින සහ කියවන තොරතුරු වසංගත තත්ත්වය පිළිබදව ජනතාව අතර බලාපෙරොත්තු රහිත තත්ත්වයක් ඇති කරවීමට හේතුවිය.

ඇතැම් විට ලැබෙන තොරතුරු සම්පූර්ණයෙන් සත්‍ය නොවුනත් හැකි තාක් බරපතල ලෙස තත්ත්වය වටහා ගැනීම පුද්ගල මානසිකත්වයේ ලක්ෂණයකි.

සැබැවින්ම අද වන විට panic buying යනු හිස්ටරික තත්ත්වයක් බව ලෝකයේ බොහෝ විශේෂඥයින් විසින් හදුනාගෙන ඇත.

මේ පිළිබදව ලෝකයේ බොහෝ රටවල වෙළද සැල් සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම රජයන්ද ජනතාව දැනුවත් කලේ කලහ කරගනිමින් මෙසේ භාණ්ඩ මිලදී ගැනීමට උත්සුක නොවන ලෙසය. පසුගියදා බ්‍රිතාන්‍ය පුවත් පතක වෙළද දැන්වීමක් පල කරමින් සුපිරි වෙළද සැල් ජාලාවක ප්‍රධාන කාර්යාලය දන්වා තිබුණේ.
” අපට ඔබේ උදවු අවශ්‍යයි.. සෑම අයෙකුටම ඔබට අවශ්‍ය දේ ලැබෙයි… නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී නොගන්න ඔබේ අසල්වැසියා ගැනත් සිතන්න යනුවෙනි… ” මෙවැනි දැන්වීම් රැසක් රටවල් බොහොමයක මාධ්‍ය වල දැකිය හැකි විය.

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමටද රටවල් බොහොමයක ජනතාව මේ වන විට යොමුවී ඇති අතර සීමා සහිතව මිලදී ගැනීම් කිරීම පමණක් එහිදීද කළ හැකි පරිදි සීමා පණවා තිබීම දැකිය හැකිවේ.

 

කෙසේ වෙතත් පැමිණි වසංගත තත්ත්වයන් සමග පාරිභොග්ක හැසිරීම් වලට සාපේක්ෂව නිෂ්පාදන හා වෙළදඵල රටාවන්ද අඩු වැඩි වශයෙන් වෙනස්වී ඇති බවනම් පැහැදිලිය. ඇතැම් ආයතන සිය නිෂ්පාදන අත්හැර වැඩිපුර විකිණෙන භාණ්ඩ නිපදවීමට පටන්ගෙන ඇති අතර තවත් ආයතන සිය නිෂ්පාදන මුළුමුණින්ම නවතා ඇත. තවත් සමහර ආයතන පාරිභෝගිකයා සමග සෘජුව සම්බන්ධ නොවී සිය පාරිභෝගිකයා වෙත ළගා වීමට වෙන වෙන ක්‍රම සොයා ගෙන ඇත. මේ වන විට ලොව තාක්ෂණික දැවැන්තයා ඇපල් සමාගම සිය නිෂ්පාදනය අලෙවි සැල් තාවකාලිකව වසා දමා ඇති අතර ඔවුන්ව අනුගමනය කළ ඇතැම් රූපලාවන්‍ය උපකරණ ආදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය පවා නවතා දමා ඇත.

ඒ අනුව වසංගත තත්ත්වයක් මගින් භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම මෙතරම් උවමනාවෙන් කළ ප්‍රථම අවස්ථාව මෙය බව පැහැදිලිය. ඒත් සමග panic buying යනු කොරෝනා වසංගතයේ අතුරු පලයන් අතර එය පාරිභෝගික පමණක් නොව නිෂ්පාදන සහ වෙළදපල රටාවද වෙනස් කළ ලෝකයේ සියළු රටවල ජනතාව තුළ දැකිය හැකි වූ ප්‍රවණතාවක් බවනම් පැහැදිලිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි