×

අන්තර්ජාලයේ ව්‍යාජ පුවත් වලට එරෙහිව එක්සත් ජාතීන් පෙළ ගැසෙයි

මෙමගින් වැරදි තොරතුරු සම්බන්ධ ව්‍යාකූලත්වයන් දුරු කරලීම සදහා විශ්වසනීය අන්තර්ගතයන් සහ බහුත්වවාදය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන ලදී.


2019 එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ රටවල් අතරින් ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව,ඇතුළු රාජ්‍ය්‍යන් 20ක් ව්‍යාජ පුවත් වලට එරෙහිව නැගී සිටීමට ගිවිසුම් අත්සත් කරන ලදී,

ගිවිසුමට අත්සන් කළ රටවල් අතර දකුණු අපිකාව සහ කැනඩාවද සිටින අතර නිදහස් මාධ්‍යකරණය, විවිධත්වය සහ විශ්වශනීයත්වය මත පදනම් වූ අන්තර්ජාල පුවත් වාර්ථාකරණයේ අවශ්‍යතාව මෙම ගිවිසුම මගින් සනාථ කරන ලදී.

මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රංශයේ විදේශ අමාත්‍ය ජීන් යුවේස් ලේ ඩ්‍රේන් පවසන්නේ ගෝලීය ඩිජිටල් අවකාශයේ වර්ධණය තුළින් ලෝක තොරතුරු කම්පනයට පත් කරන බවයි. ඇමරිකාවේ නිවුයෝර්ක් නගරයේදී පැවති මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ඔහු තව දුරටත් පැවසුවේ මැතිවරණ ව්‍යාපාර තුළ හා ඒ සම්බන්ධව වැරදි තොරතුරු අන්තර්ජාලය තුළ ප්‍රචාරණය වන බවත් සහ එය විසින් ප්‍රජාතන්ත්‍රික ආයතන වල විශ්වසනීයත්වය තර්ජනයට ලක් කරන බවත්ය.

මෙම ගිවිසුම විසින් අන්තර්ජාල පහසුකම් සම්පාදකයන් විසින් පවතින වැරදි තොරතුරු සම්බන්ධ ව්‍යාකූලත්වයන් දුරු කරලීම සදහා විශ්වසනීය අන්තර්ගතයන් සහ බහුත්වවාදය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි