×

ට්‍රම්ප් ජයටම නිදහස සමරද්දී ඇමරිකාවෙන් 50,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයින් තුන්වන දිනටත්!

පසුගිය සිකුරාදා දිනයේද කොරෝනා ආසාදිතයින් 51,842 ක් වාර්තා වී තිබෙන අතර ඒ ආසාදිතයින් 50,000 ඉක්මවූ තෙවන දිනයයි. 


 

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන Covid 19 වසංගත තත්ත්වය පසෙකලා ට්‍රම්ප් පසුගිය 04 වැනි දින නිදහස් දිනයද සිය බිරිඳ මෙලනියා ට්‍රම්ප් සමඟ සැමරු අතර තවදුරටත් රතු එළිය දල්වමින් දහස් ගණනින් ඇමරිකා භූමියෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේද කොරෝනා ආසාදිතයින් 51,842 ක් වාර්තා වී තිබෙන අතර ඒ ආසාදිතයින් 50,000 ඉක්මවූ තෙවන දිනයයි.

මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් හමුවේ ජනාධිපති ට්‍රම්ප් නිදහස් දිනයදාද පුද්ගලයින් 7500ක් පමණ රැස් කර ඇත.

සමජ දුරස්ථභාවය තබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු සැලසුමක්ද එහි තිබී නැති බවයි විදෙස් වාර්තා සඳහන් කරනේ.

වෙනදාට මේ සඳහා 32,000ක පමණ ජනතාවක් රැස් වන නමුත් මෙවර එය අඩු වුවත් එයද අවදානම් සහගත තත්ත්වයක් බව විශේෂඥයින් පෙන්වා දී ඇත.

කැලිෆෝනියා,ටෙක්සාස්,ඇරිසෝනා හා ෆ්ලොරීඩා යන ප්‍රාන්තයන්ගෙන්  මෙම සතියේදී වාර්තා ගත ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට තුළ නව කොරෝනා වෛරසය අසාදනය වූවන් 2,793,435 ක් පමණ වාර්තා වී තිබෙන බවත් මරණ 129,434ක් පමණ සිදුව ඇති බවත් ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි