×

එන්නත්කරණය ඇරඹුණත් නිමාවක් නැති මරණ – ගෝලීය කොරෝනා මරණ මිලියන 02 පසුකරයි

චීනයේ වූහාන් වෙතින් ඇරඹි කොවිඩ් 19 වෛරසයේ බලපෑමෙන් ගෝලීය වශයෙන් සිදුව තිබෙන මරණ ප්‍රමාණය මිලියන 02 ඉක්මවා තිබේ. 


ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන අන්දමට ලේඛනගත මරණ ප්‍රමාණය මිලියන 02 පසුකර තිබුන්ඩ සැබෑ ලෙසම සිදුව ඇති මරණ මීට වැඩ ඉහළ අගයක ඇති බවයි.

ස්ථිර වශයෙන් රෝග විනිශ්චයක් නොමැතිව මිය ගිය පුද්ගලයන්ද මෙම කොරෝනා ආසාදිත ගොන්නට එකතු විය හැකි බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ.

කෙසේවෙතත් මේ වන විට  කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ද මතු වෙමින් තිබෙන තත්ත්වයක් රෝගය පාලනය කළ රටවල් පවා යළි දැඩි සංචරණ සීමා පනවමින් සිටියි.

මෙහිදී විශේෂයෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල් දැඩි අසීරු අඩියක පසුවන අතර ඉදිරි සති තුන තුළ කොවිඩ් 19 ආසාදනයේ බලපෑමෙන් ඇමරිකාවේ තවත් පුද්ගලයන් 92,000ක් පමණ මියා යා හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව තිබේ.

මේ වන විට ගෝලීය කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වන්නේ මිලියන 93.8ක් වශයෙනි.

ලොව බොහෝ රටවල මේ වන විට කොවිඩ් එන්නත්කරණය ද අරඹා ඇති නමුත් රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවක් නම් පෙනෙන්නට නැති බවයි විදෙස් වාර්තා පෙන්වා  දෙන්නේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි