×

කොවිඩ් නව ප්‍රභේදයක් බිහිවෙයි? බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ දැඩි කැළඹීමක!

ඒ අනුව එන්නතේ සාර්ථකභාවය අඩුවීමේ අවදානම මතුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  


මේ වන විට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ තුළ මහත් කැළඹීමක් ඇතිකරන සුළු පුවතක් වාර්තා වී තිබේ.

එනම් චීනයේ වුහාන් නගරයෙන් මතුවී ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වෛරසයේ මුල් ප්‍රභේදය ක්‍රමයෙන් තුරන් වී ප්‍රවේණික ප්‍රතිවලිත තුළින් නව ප්‍රභේද මතුවී තිබීමයි.

බ්‍රිතාන්‍යයේ වත්මන් තත්ත්වය තුළ ගිණිකොන දිග එංගන්ත කලාපයේ සීඝ්‍රයෙන් වසංගත තත්ත්වය පැතිර යාම සිදුව ඇති අතර, මෙසේ ව්‍යාප්ත වන්නේ මෙම නව ප්‍රභේදය බවට විශ්වාස කෙරේ.

එම තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ මහත් කැළඹීමකට පත්ව තිබෙන්නේ කොරෝනා වසංගතය ට හඳුන්වා දුන් අද්විතීය එන්නතට පවා නව ප්‍රභේදය ප්‍රතිරෝධයක් දැක්වීම නිසායි.

ඒ අනුව එන්නතේ සාර්ථකභාවය අඩුවීමේ අවදානම මතුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා නිල වශයෙන් පිළිගෙන තිබේ.

මෙය කොවිඩ් වෛරසයේ ප්‍රතිවලිත ඇතිවූ පළමු අවස්ථාව නොවේ. මීට ඉහත ද ප්‍රවේණික විකෘති (genetic mutation) තුළින් විවිධ ප්‍රභේද බිහිවීම පිළිබඳ තොරතුරු වාර්තා වී තිබිණි.

වෛරසයක් ධාරක ජීවියෙක් තුළට ඇතුල් වීම සමඟ එහි ප්‍රතිවලිත සාදා ගන්නේ අනෙකුත් සෛල වලට ප්‍රහාර එල්ල කිරීමට යි. එය වෛරසයක ස්වභාවයයි.

එහිදී විවිධ ප්‍රතිවලත ඇතිවී වඩාත් කටුක තත්ත්වයන්ට මුහුණ දීමට අනුගත වන විකෘති ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි.

එහෙත්, මේ වන තුරු එසේ වාර්තා වන ලද ප්‍රවේණික විකෘති කොවිඩ් වසංගතය තුළ දැනටමත් පවතින බලපෑමට අමතරව වැඩි බලපෑමක් එල්ල කර නොතිබිණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ හට ගෙන ඇතැයි විශ්වාස කෙරෙන මෙම නව ප්‍රභේදය පිළිබඳ එරට සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුව තිබේ.

පැවති තත්ත්වයට වඩා, විශේෂයෙන්ම ගිණිකොන දිග කලාපයේ වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබීමට මීට හේතුවයි.

එම තත්ත්වය තුළ එන්නතේ ක්‍රියාකාරීත්වය බාල වනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි