×

ලොව දැවැන්තම කොවිඩ් එන්නත්කරණ මෙහෙයුම අරඹයි – ලක්ෂ 03ක් දවසේ ඉල්ලකය වෙයි

බිලියන 1.3කට වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය අද (16) ආරම්භ කර තිබේ. 


ඒ අනුව අද දිනය තුළ ලක්ෂ 03ක පමණ පිරිසකට එන්නත ලබා දීමයි ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය අංශවල ඉලක්කය වී තිබෙන්නේ.

සෑම නිවසක් පාසාම මෙම එන්නතකරණ මෙහෙයුමේ ඉලක්කය වී තිබෙන අතර මුල් අදියර ලෙස සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන බවටයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසා තිබුණේ.

අද මෙහි ආරම්භ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අගමැතිවරයා පවසා තිබුණේ මිලියන 30ක් පමණ වන කොරෝනා මර්දන මෙහෙයුමේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වන සෞඛ්‍ය සේවකයින් ඇතුළු සෙසු සේවා සඳහා මෙය නොමිලයේම ලබා දෙන බවයි.

 කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ඔබ පෙන්වා ඇති ධෛර්යය, එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී ද අවශ්‍ය අවශ්‍ය බව සෞඛ්‍ය අංශ ඇතුළු එම පෙරටුගාමී සේවා අමතමින් අගමැතිවරයා පවසා තිබේ.

ඉන්දියාව කොවිඩ් එන්නත් දෙකක් අනුමත කර තිබෙන අතර හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කරන ලදී.  අනෙක් එන්නත රට තුළම සංවර්ධනය කරන ලද ඉන්දියානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන භාරත් බයෝටෙක් සහ රජය විසින් පවත්වාගෙන යන කොවැක්සින් වෙතින් හඳුන්වා දී ඇති එන්නතයි.

මෙම එන්නත් දෙකම රට පුරා බෙදා හැර ඇති අතර ලබාදෙන්නේ කුමන එන්නතද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශය.

ඇමරිකාවට පසු වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන්නේ ඉන්දියාවෙන් වන අතර ඒ අනුව ඉන්දියාව ලොව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ දෙවන තැන පසුවෙයි.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් මිලියන 10.5කට වැඩි පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබෙන බවත්  වාර්තා වී තිබෙන මරණ ද 152,000 ඉක්මවා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ASK  for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි