×

උතුරු කොරියාවේ පම්පෝරි අවසන් හැඩ – ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් එන්නත් තොගයක් නැවෙන් යවයි !

කෝවිඩ් වසංගතය ලෝකයම වෙළාගෙන තිබියදීත් උතුරු කොරියානු නායකයා දිගින් දිගටම කිව්වේ එකම එක කෝවිඩ් රෝගියෙකුවත් සිය රට තුළ නැති බව ය.


නමුත් නායකයා කුමක් කීවත් ජනතාවගේ ජීවිත ගැන සිතා අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ්-19 එන්නත් තොගයක් නැව්ගත කිරීම අරඹා තිබේ.

චීන වරායක් වන ඩාලියාන් හරහා මේවා උතුරු කොරියාව වෙත ගෙන යාමට නියමිත ය.

මේවා ලබාගැනීම සඳහා උතුරු කොරියාව චීනය සමග පවතින එක් දේශසීමාවක් විවෘත කිරීමට ද කැමැත්ත පළ කර තිබේ.

වෛරස් විරෝධී ප්‍රචාරණ ව්‍යාපෘතියක් පසුගිය වසරේදී උතුරු කොරියාව වසංගතය සමග සටන් වැදීමට අරඹා තිබූ අතර, ඒ අනුව දේශසීමාවන් දැඩි සේ වසා දැමුණේ ‘ජාතික යහපැවැත්ම සඳහා එය අවශ්‍ය‘ බව කියමිනි. එම දේශසීමා නීති විරෝධී ලෙස කඩකරන්නන්ට වෙඩි තබන ලෙසට ද උතුරු කොරියාව නියෝග කර තිබිණි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උතුරු කොරියානු නියෝජිත එඩ්වින් සැල්වදෝර් ට අනුව, හදිසි ප්‍රතිකාර කට්ටල් සහ ඖෂධ ඇතුළත් මෙම භාණ්ඩ තොගය ලබාගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජගත් සංවිධානයේ උපකාරය පිළිගැනීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටියි.

මීට පෙර උතුරු කොරියානු බලධාරීන් පවසා තිබුණේ තමන් විසින් පුද්ගලයන් 40,700 දෙනෙකු වෛරස් පරීක්ෂාවන්ට ලක් කළ නමුත් ඒ සියලු දෙනා නෙගටිව් තත්වයේ පසුවූ බවයි!

COVAX ගෝලීය එන්නත් ක්‍රමය යටතේ කටයුතු කරන යුනිසෙෆ් සංවිධානය පසුගිය මාසයේ කියා තිබුණේ සිය කොටස වශයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 3 , තමන්ට අවශ්‍ය නැති නිසා වසංගතයෙන් බරපතළ තත්වයේ සිටින සෙසු රටවල්වලට යවන ලෙස ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි