×

Covid-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් – WHO

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ වෛද්‍ය මයික් රයන් පැවසුවේ හදිසි තත්ත්වය අවසන් වී ඇති නමුත් තර්ජනය තවමත් පවතිනු ඇති බවත් මීළඟ වසංගතය ආරම්භ වූ විට වසංගත සැබවින්ම අවසන් වනු ඇති බවත්ය.


Covid-19 තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවන් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය නිකුත් වන්නේ වෛරසය පිළිබඳ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් වසර තුනකට පසුවය. Covid-19 හේතුවෙන් අවම වශයෙන් මිලියන හතක පමණ පිරිසක් ලොව පුරා මිය යන්නට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ සත්‍ය සංඛ්‍යාව මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවක් වනු ඇති අතර නිල ඇස්තමේන්තුව මෙන් තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක් විය හැකි බව සඳහන් කර තිබේ. කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් අනතුර අවසන් වී ඇති බවක් අදහස් නොවන බවත්, තත්වය වෙනස් වුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කළ හැකි බවත්ය.

ලොව පුරා තහවුරු වී ඇති Covid ආසාදන සංඛ්‍යාව මිලියන 765ක් වන අතර ඒ වෙනුවෙන් එන්නත් මාත්‍රා බිලියන 13 ක් ලබා දී ඇති අතර, මරණ අනුපාතය අඩු කර ගැනීමට එය හේතු වී ඇත. කෙසේ නමුත් මේ වන විට බොහෝ රටවල් වෛරසය සමඟ ජීවත් වීමට පුරුදු වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ වෛද්‍ය මයික් රයන් පැවසුවේ හදිසි තත්ත්වය අවසන් වී ඇති නමුත් තර්ජනය තවමත් පවතිනු ඇති බවත් මීළඟ වසංගතය ආරම්භ වූ විට වසංගත සැබවින්ම අවසන් වනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි