×

කොවිඩ් හේතුවෙන් චීනයේ නගර යලි වැසේ

පවතින තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ පවතින උණුසුම් කාලගුණයත් සමඟ තත්වය අතිශය සංකීර්ණ හා දරුණු විය හැකි බවයි.


බීජිං විසින් දැඩි කොවිඩ් පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන හෙයින් චෙංඩු පළාත නව අගුලුලෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.

මිලියන 21ක් පමණ ජනගහනයක් ජීවත් වන චෙංඩුහි අත්‍යාවශ්‍ය සාප්පු සවාරි වෙනුවෙන් නිවසකින් එක් අයෙකුව අවස්ථාව ලබා දී ඇති අතර අනෙක් සියලු දෙනා නිවසේ රැදී සිටිය යුතු බවට නියෝග කර ඇත. මේ වන විට නගරේ නව රෝග ලක්ෂණ 51ක් සහිතව රෝගීන් 157ක් වාර්තා වී ඇත.


මේ වන විට චෙංඩුහි පාසල් වාර කල්දමා ඇති අතර ගුවන් ගමන් නවතා ඇති බවට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. පවතින තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ පවතින උණුසුම් කාලගුණයත් සමඟ තත්වය අතිශය සංකීර්ණ හා දරුණු විය හැකි බවයි.


කොවිඩ් පැතිරීම මුළුමනින්ම මැඩපැවැත්වීමට උත්සාහ කරන ලොව ප්‍රධානතම රට චීනය වන අතර මේ හේතුවෙන් ඔවුන් කොවිඩ් ආසාධිත මරණ විශල වශයෙන් සීමා කර ගැනීමට සමත්ව ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, වසංගතය ආරම්භ වූ දා සිට රට නිල වශයෙන් මරණ 15,000 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇත.

කෙසේ වෙතතු මෙම අගුලුලෑම් චීනයේ ආර්ථික වර්ධනය අඩාල කරන අතර දැඩි මහජන විරෝධයක් ඇති කිරීමටද සමත්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි