×

COVID 19: ඉතාලිය දැඩි අවදානමක, මරණ අනුපාතයත් ඉහළ යයි !

වෙනත් සියලු කටයුතුවලට වඩා මෙම වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීම පිළිබඳව මූලික අවධානය යොමු කළයුතු බවයි WHO පෙන්වා දෙන්නේ.


covid 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3386 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ පුද්ගලයන්ගේ ප්‍රමාණය 98,424 ක් වන අතර එම අගය ඉතා නුදුරේදීම ලක්ෂය ඉක්මවා යනු ඇත.

චීනය තුළ වෛරසයේ අවදානම දිනෙන් දින පහළ යද්දී ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ ඇමරිකාව යන රටවල අවදානම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

ඉතාලියෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 148 ක් වන අතර ඉරානයේ එම අගය 108 ක් වේ.

මීට අමතරව දකුණු කොරියාවේ මරණ ප්‍රමාණය 40 ක් වැනි අඩු අගයක පැවතියද එරටින් හමුවන වෛරස් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ අගයක් ගනී.

චීනය හැරෙන්නට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමු වී ඇත්තේ දකුණු කොරියාවෙනි.

එම අගය 6284 ක් වන අතර ඉතාලියෙන් මෙන්ම ඉරානයෙන් ද 3500 ඉක්මවන ප්‍රමාණයකට වෛසරය ආසාදනය වී තිබේ.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය තුළ ද වෛසරය ව්‍යාප්ත වීමේ වේගය වැඩිවෙමින් පවතී.

එරටින් මේ වනවිට වෛරසය ආසදිතයන් 226 ක් හමු වී ඇති අතර මරණ 13 ක් වාර්තා වේ.

පසුගිය කාලසීමාවේදී ලොව බොහෝ දෙනාගේ අවධානය චීනය දෙසට යොමුව තිබුණද මේ වනවිට බොහෝ දෙනා ඉතාලිය දෙසට වැඩි අවධානයක් යොමු කරමින් සිටී.

ඒ එරටින් ලැබෙන වාර්තා ඉතා වේගයෙන් ඉහළ යමින් තිබීම හේතුවෙනි.

මෙම වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ පළමු කාලසීමාව තුළ වෛරසය ආසාදිතයන්ට සාපේක්ෂව සිදුවන මරණ ප්‍රතිශතය 01% – 02% අතර විය.

නමුත් එය මේ වනවිට 3.4% දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලිය, ඉරානය වැනි රටවලින් ලැබෙන වාර්තා අනුව මෙම අනුපාතය ඉදිරියේදී සීග්‍ර ලෙස වර්ධනය වීමේ අවදානමක් මතුව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ ලොවපුරා සියලු රටවල් මෙම තත්වය බැරෑරුම් ලෙස සලකා කටයුතු කළයුතු බවයි.

වෙනත් සියලු කටයුතුවලට වඩා මෙම වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීම පිළිබඳව මූලික අවධානය යොමු කළයුතු බවයි එහි ප්‍රධානීන් පෙන්වා දෙන්නේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි