×

‘Crazy Rich Asians’- ආසියානු ඇමරිකානුවන්ගේ සැබෑ කතාව

‘Crazy Rich Asians’ යනු සිංගප්පූරුවේ ඉපදුණු ඇමරිකානුවකු වන කෙවින් ක්වාන්ගේ නවකතාවකි. රේෂල් වූ (කොන්ස්ටන්ස් වූ) නමැති චීන ඇමරිකානු කාන්තාවක් සිය පෙම්වතා වන නිකොලස් යං ( හෙන්රි ගෝල්ඩින්) සමග සිංගප්පූරුව බලා යන ගමන මෙම නවකතාවට ප්‍රස්තූත වේ. නිකොලස් සහ රේෂල් එහි යන්නේ, නිකොලස්ගේ හොඳම මිතුරාගේ මංගල උත්සවයට සහභාගි වන්නට ය.


හොලිවුඩයේ පසුගියදා දිගහැරුණු ‘Crazy Rich Asians’චිත්‍රපටය, නවකතාවටත් වඩා එහා මානයක් ස්පර්ශ කරමින් අප වෙත නැවුම් ලෝකයක් විවර කර දෙයි.

Wikipedia

Wikipedia

1993 වසරේ තිරගත වූ ‘ජෝයි ලකී ක්ලබ්‘ චිත්‍රපටයෙන් පසු සෑම චරිතයක් සඳහාම ආසියාතිකයන් යොදා ගැනුණු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය ‘Crazy Rich Asians’ වේ. තිරගත වූ පළමු දිනයේදීම ඇමරිකානු ඩොලර් මිලියන 34 ක ආදායමක් ලබමින් එය දැනටමත් ඉතිහාසයට එක් වී තිබේ. මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ ඇමරිකානු ටෝක් ෂෝස්වල වැඩිවශයෙන්ම කතා කෙරෙන මාතෘකාව බවට මේ වනවිට එය පත්ව තිබේ. Rotten Tomatoes වෙතින් 92%ක approval rating එකක් ලබාගන්නා එය මේ වන විට සැලකෙන්නේ ‘හොලිවුඩයේ මෙතෙක් බිහි වූ හොඳම ආසියාතික නියෝජනය‘ ලෙස ය. ජාත්‍යන්තර ටයිම් සඟරාවේ අගෝස්තු කලාපයේ කවරය සැරසෙන්නේ ද කොන්ස්ටන්ස් වූගේ ඡායාරූපයකිනි.

කෙසේ නමුත් මේ ලිපියෙන් සලකා බැලෙන්නේ, හොලිවුඩය තුළ මහත් ප්‍රශංසා ලබමින් තිරගත වන එය, එහි පාදක දේශය වන සිංගප්පූරුවේදී වෙනස්ම චිත්‍රයක් නිර්මාණය කරන ආකාරයයි.

සැබවින්ම සිංගප්පූරුව තුළ ආසියාතික ඇමරිකානුවන් යනු කවුද? ඔවුන් එරට ප්‍රබල සුළුතරයයි.

මැලේසියාව සහ ඉන්දුනීසියාව අතර පිහිටා තිබෙන ගිනිකොණ දිග ආසියාතික දිවයින තුළ පොතේ හැටියට නම් බහුතර ජාතිය වන්නේ වාර්ගික චීනුන් ය. එහි දේශපාලන සන්දර්භය තුළ ද බහුතරය වන්නේ ඔවුන් ය. 2016 වසරේදී සිංගප්පූරු ජාතිකයන්ගෙන් 76.1% ක් ප්‍රකාශ කර සිටියේ තමන් චීන උරුමයක් සහිත වූවන් බව ය.

එසේම සිංගප්පූරුවේ එදා මෙදාතුර බිහි වී ඇති සියලුම රාජ්‍ය නායකයන් හෙවත් අග්‍රාමාත්‍යවරුන් ද වාර්ගික චීන ජාතකියෝ වෙති. පළමුවැන්නා, 1959 සිට 1990 දක්වා රට පාලනය කළ ලී ක්වාන් යූ වේ.

සෑම 36 දෙනෙකුගෙන්ම එක් අයෙක් කෝටිපතියෙක්!

සිංගප්පූරුව ‘පිස්සු හැදෙන තරමට ධනවත්“ ( “crazy rich,”) රටකි. ලෝකයේ දළ දේශීය නිෂ්පාදනයෙන් අංක 4 වැනි තැන ඔවුහු රැඳී සිටිති. ෆෝබ්ස් වාර්තාවට අනුව සිංගප්පූරුව යනු ‘‘පුද්ගලික බැංකුකරණයේ ආසියානු-පැසිෆික් මධ්‍යස්ථානය‘යි. 2018 වසරේදී සිංගප්පූරුවෙන් කෝටිපතියන් 180,000 ක් සිටින බව වාර්තා වේ. එහි අදහස, එහි ජනගහනයෙන් සෑම 36 දෙනෙකුගෙන්ම එක් අයෙක් කෝටිපතියෙකු වන බවයි.

මේ අතරම, ඔවුන්ට ඇමරිකානු වාර්ගික සහ සමාජයීය දේශපාලනය අග්නිදිග ආසියාතික භාවයට පත් කිරීමට දැඩි උවමනාවක් නැති බව ද පෙනේ.

සිංගප්පූරුවේ චීන ජාතිකයන්ට, ඇමරිකාව තුළ ආසියාතික ඇමරිකානුවන්ට සිංගප්පූරුව වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන උවමනාව නොමැත. එයට හේතුව ද පැහැදිලි ය. ඇමරිකාව තුළදී එහි වෙසෙන සිංගප්පූරු චීනුන් සැලකෙන්නේ නිසි නියෝජනයක් නොලබන සුළුතරයක් ලෙස ය. නමුත් සිංගප්පූරුවේදී ඔවුන් යනු ප්‍රබල බහුතරයයි.

සිංගප්පූරුව තුළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ පොප් සංස්කෘතියේ ප්‍රමුඛත්වය උසුළන්නේ වාර්ගික චීන ජාතිකයන් විසිනි. රූපවාහිනී මාලා නාටකවල සියලුම ආකාරවල චරිත රඟපාන ඔවුහු පොලී වෙළෙන්දා, ව්‍යාපාරිකයා, තානායම් හිමියා මෙන්ම ප්‍රේමාන්විත නළුවා යන මෙකී නොකී සෑම ආකාරයකම චරිත නිරූපණය කරති. උදාහරණයක් වශයෙන් චැනල් 8 හි රාත්‍රී 7-9 අතර කාලයේ විකාශය වන මැන්ඩරීන් මාලා නාටක රටම උමතුවකින් මෙන් වෙළාගෙන අවසන් ය. වාර්ගික චීන නළු නිළියන්ගේ නම්, ගේ දොරවල සුබල සහ ජනප්‍රිය නාමයන් ය.

වැඩි මාධ්‍ය නියෝජනයක් අවශ්‍ය යැයි සිතන සිංගප්පූරු වැසියන් මේ චිත්‍රපටය තුළ ප්‍රමුඛ මාතෘකාව බවට පත් වේ. සිංගප්පූරුව බහු වාර්ගික රටකි. චීන, මැලේ, ඉන්දියානු සහ ඉයුරේසියානුවන්ගෙන් එහි ජන සංයුතිය සෑදී තිබේ. මේ විවිධත්වය පිළිගනු වෙනුවට සිංගප්පූරුව හැමවිටම තමන්ගේ චිත්‍රය සිත්තම් කර ගනු ලබන්නේ ‘ධනවත් චීන‘ යන දැක්ම මත ය. ඒ අනුව සෙසු ජනවර්ග පසුගාමී තත්වයකට පත් කර නොතිබනේනේද? හොලිවුඩය තුළ මෙම චිත්‍රපටය මගින් විදහා දක්වන්නේ ‘ආසියානු‘ ජාතිකයන්ගෙන් සිංගප්පූරුව සැදී ඇති බව ය.

ආසියාතික මිනිසුන් හෙවත් ‘අඳුරු සම ඇත්තන්‘ අඩු ආකර්ෂණයකින් යුක්ත අය බව හොලිවුඩයේ සාමාන්‍ය පිළිගැනීමයි. ඒ නිසා ‘Crazy Rich Asians චිත්‍රපටය මගින් ආසියාතිකයන් පිළිබඳ ලෝකයේ කියැවීම වෙනස් කරන ලෙස ඉල්ලීමක් කරයි.

The Irish Times

The Irish Times

චිත්‍රපටයේ නික් යං ගේ චරිතය නිරූපණය කරන හෙන්රි ගෝල්ඩින් ගැන විමසා බලමු. ඔහු උපතින් බ්‍රිතාන්‍ය මැලේසියානුවෙකි. සිංගප්පූරුවේදී ඔහුව චීන ජාතිකයෙකු ලෙස නොසැලකේ. ඒ වෙනුවට ඔහුගේ අනන්‍යතාවය ‘ඉයුරේසියානුවා‘ යන්න ය.

එනිසා, හොලිවුඩය තුළ මෙය ‘එදා මෙදාතුර තැනුණු හොඳම ආසියාතික නියෝජනය සහිත චිත්‍රපටය ලෙස සැලකෙද්දී සිංගප්පූරුව සිටින්නේ එහි සුවිශේෂත්වය තමන්ට එතරම් වැදගත් නැත්තා සේ ය.

සිංගප්පූරුවේ සිංග්ලිෂ්

සැබෑ සිංගප්පූරුව ඉංග්ලිෂ් මෙන්ම සිංග්ලිෂ් ද කතා කරයි. සිංග්ලිෂ් යනුවෙන් සිංගප්පූරුවේදී හඳුන්වන්නේ ‘සිංගප්පූරු ඉංග්ලිෂ්‘ හෙවත් සිංගප්පූරු ක්‍රමයට ඉංග්‍රීසි බස කතා කිරීමයි. මෙම මිශ්‍ර භාෂාව චීන, හොකෙයියන්, මැලේ සහ දමිල භාෂාවන්ගේ සංකලනයකි.

දැන්, සිංගප්පූරුව, බටහිර මාධ්‍ය තුළ මේ ‘සිංගප්පුරු කතාව‘ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටිනවාක් වැනි ය. Crazy Rich Asians චිත්‍රපටය ආසියානු ඇමරිකානු නළු නිළියන්ට, ලේඛකයන් සහ අධ්‍යක්ෂවරුන්ට සිංගප්පූරුවේ වාර්ගික සන්දර්භය සිය නිර්මාණ සඳහා ප්‍රස්තූත කර ගැනීමට මහඟු අවස්ථාවකි. නමුත් මේ චිත්‍රපටය ගැන එක් දෙයක් ඉතා පැහැදිලි ය. එය, සිංගප්පූරුවට වඩා ඇමරිකාව තුළ ජනප්‍රිය වන බව ය.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි