×

සමාජවාදය තහවුරු කළ නව කියුබානු ව්‍යවස්ථාවට 87% ජනතා කැමැත්ත.

කියුබාවේ ජාතික මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කරන ලද්දේ 7,848,343ක ජන සංඛ්‍යාවක් පසුගිය ඉරිදා දින ලෝකයේ අවසන් කොමියුනිස්ට් ජාතිකයන් ලෙස සිය මතවාදය ඉහළට ගෙන යන්නට එක්ව කටයුතු කරන ලද බවයි.


කියුබාව තුළ පවතින පාලන ක්‍රමය දුරටත් තහවුරු කිරීම සදහා හදුන්වා දුන් නව ව්‍යවස්ථාව පිළබද සිය කැමැත්ත පල කිරීම සදහා මැතිවරණයක් පවත්වන ලදී

එහිදී  පවතින පාලන ක්‍රමය තවදුරටත් තහවුරු කරමින් නව ව්‍යවස්ථාවට කැමැත්ත පල කරමින් එරට ජනතාවගෙන් සියයට 87% ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

නව ව්‍යවස්ථාව මගින් කියුබාවේ තනි පක්ෂ සමාජවාදී පාලන ක්‍රමය තහවුරු කිරීම සහ ආර්ථික කටයුතු මෙන්ම නීති සම්පාදනයද ආරක්ෂණය කර ඇත.

කියුබාවේ ජාතික මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කරන ලද්දේ 7,848,343ක ජන සංඛ්‍යාවක් පසුගිය ඉරිදා දින ලෝකයේ අවසන් කොමියුනිස්ට් ජාතිකයන් ලෙස සිය මතවාදය ඉහළට ගෙන යන්නට එක්ව කටයුතු කරන ලද බවයි.

ඒ අතරින් 6,816,169 ක් නව ව්‍යවස්ථාවට කැමැත්ත පල කළ අතර 300,000 පිරිසක් සිය ඡන්දය අවලංගු කර සිටියහ ව්‍යවස්ථාවට පටහැනිව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 706,400 පමණි.

පවතින ව්‍යවස්ථාව 1976 වසරේ පැවති ජනමත විවරණයකදී 97.7 % ප්‍රතිශතයකින් අනුමත වූ අතර පසුගිය ඡන්දයේදී වත්මන් ජනපත මිගෙල් ඩයස් කානල් සහ ඔහුට පෙර සිටි රාවුල් කැස්ත්‍රෝ සියයට 94% ජනතා කැමැත්ත හිමි වී තිබිණ.

නව ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ව්‍යාපාරයන් මෙන්ම පෞද්ගලික සහ සමූපකාර ක්‍රමයද හදුන්වා දී ඇති අතර, එමගින් අගමැති ධූරය මෙන්ම පළාත් ආණ්ඩුකාර ධූරයක්ද අළුතින් හදුන්වා දෙන ලදී, එමෙන්ම අධිකරණ ක්‍රියාවලිය තුළද නව සංශෝධනයන් සිදු කළ අතර නිරුදෝෂී භාවයේ පූර්ව නිගමනය සම්බන්ධව මෙන්ම හබයාස් කෝපුස් ක්‍රමවේදයද හදුන්වා දෙන ලදී. එමෙන්ම ජනපතිවරයාගේ ධූර කාලය සදහා සීමිත කාලයක්ද හදුන්වාදෙන ලදී.

එරට ව්‍යාපාරික ජනතාව මෙම ව්‍යවස්ථාව වෙනුවෙන් සිය අප්‍රසාදය ප්‍රකාශ කර සිටියද එරට බහුතරයක් ජනතාව පවසන්නේ නව ව්‍යවස්ථාව කියුබානු ජාතිකයන් සදහා හොදම ව්‍යවස්ථාව බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි