×

ෆානී ඉන්දියාවට ඇතුල් වේ

වසර 20කට පසු පැමිණි දරුණුතම සුළි කුණාටුව මෙයයි.


අද උදෑසන 9.30ට පමණ ෆානී සුළි කුණාටුව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් රට තුළට ඇතුල් විය. මේ වන විටත් පැයට කිලෝ මීටර් 240ක වේගයෙන් හමා යන ෆානී සුළි කුනාටුව වසර 20ක කාලයක් තුළ ඉන්දියාව හරහා හමා යන දරුණුතම සුළි කුණාටුව පෙස හදුනාගෙන ඇත.

ඊයේ මේ සදහා ඉන්දීය රජය හා ජනතාව පෙර සූදානම් වූ අතර දස දහස් ගණනක ජනතාවක් බලපෑම් එල්ල විය හැකි යැයි සතෙන පෙදෙස් වලින් ඉවත් කරන ලදී.

ඉන්දියාවේ වරායන් කිහිපයක්ම මේ වන විට සියළු කාර්ය නවතා දමා ඇති අතර දැඩි බලපෑම් එල්ල විය හැකි යැයි සැළකෙන ඔඩිස්සා සහ කල්කටා ප්‍රාන්ත වල ගුවන් සේවාවන් නතර කර ඇත.

අනුමාන කර ඇති පරිදි ඉන්දියාවේ ප්‍රදේශ 10000ක් සෘජුවම සුළි කුණාටුව හමා යන මාර්ගයේ පිහිටා තිබීම මෙහි අවධානම වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත‍

ඒ අනුව ඔඩිස්සා ඇතුළු දිස්ත්‍රික් 15ක් ඊට ඇතුලත්ය. ඊයේ වන විට ඔරිස්සා ප්‍රාන්තයෙන් පමණක් මිලියනයක ජනතාවක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කර ඇත.
2017 වසරේදීද ඉන්දියාව හරහා හමහා ලිය මෙවැනිම කුණාටුවකින් 200ක පුද්ගලයින් සංඛ්‍යාවක් මිය ගිය අතර 1999 වසරේ ඉන්දියාවේ ඇතිවූ සුළි කුණාටුවක් හේතුවෙන් 10000ක පිරිසක් මිය ගියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි