×

මහ රැජින වෙනුවෙන් ‘ඩාන්සින් ක්වීන්‘

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින ‘ඩාන්සින් ක්වීන්‘ කෙනෙක් බව හෙළි කරමින් ඇබා ගීතයේ ඩාන්සින් ක්වීන්, රාජකීය තූර්ය වාදනයක් බවට පත්වෙයි.


බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින සුප්‍රසිද්ධ ඇබා (ABBA) පොප් සංගීත කණ්ඩායමේ දැවැන්ත රසිකාවියක් බව සනාථ කරමින් පසුගිය සිකුරාදා බකිංහැම් මාළිගයේ පැවති මුරභටයන් මාරු කිරීමේ අවස්ථාවේදී රජ මාළිගයේ තූර්ය වාදක කණ්ඩායම වාදනය කළේ ඇබා කණ්ඩායමේ අති ජනප්‍රිය ‘ඩාන්සින් ක්වීන්‘ ගීතයයි.

ඇය සිය ප්‍රියතම සංගීත කණ්ඩායම වෙතට සිය සහයෝගය පළ කළ අවස්ථාවක් වශයෙන් මෙය දැක්වේ.

මේ සමගම බකිංහැම් මාළිගයේ නිල ට්විටර් ගිණුම එම අවස්ථාවේ වීඩියෝව ට්වීට් කරමින් මෙසේ කියා තිබිණි. “Can you guess this tune? #FridayFeeling Beautiful played by @TheRLCBand during Changing the Guard at #BuckinghamPalace.”

එක්සත් රාජධානිය පුරා වෙසෙන ඇබා රසිකයන් මේ පුවතට මහත් ප්‍රතිචාර දක්වා තිබිණි.

එපමණක් නොව, ඩාන්සින් ක්වීන් ගීතයට ප්‍රිය කරන බ්‍රිතාන්‍ය මහ රැජින ද සැබවින්ම ‘ඩාන්සින් ක්වීන්‘ කෙනෙක් බව දක්වන වීඩියෝ ද මේ සමගම අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතියි.

පහත දැක්වෙන්නේ යූ ටියුබ් වෙබ් අඩවිය වෙත ගැබ් කර ඇති වීඩියෝවක බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නර්තනයක් ඩාන්සින් ක්වීන් තූර්යවාදක වාදනය සමග මුසු කරමින් නිපදවා තිබු ජනප්‍රිය වීඩියෝවකි.

[embedyt] https://www.youtube.com/watch?v=jiItRRyZLLc[/embedyt]

The Queen is a HUGE fan of ABBA, and THIS is the proof

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි