×

COVID 19: 3500 කගේ ජීවිත අහිමි වෙයි, තවත් 6000 කගේ ජීවිත අවදානම්

covid 19 වෛරසය මේ වනවිට ලොවපුරා රටවල් 100 කට අධික ප්‍රමාණයකට බලපෑම් සිදු කරමින් තිබේ.


covid 19 වෛරසය මේ වනවිට ලොවපුරා රටවල් 100 කට අධික ප්‍රමාණයකට බලපෑම් සිදු කරමින් තිබේ.

නවතම වාර්තාවලට අනුව වතිකානය, සර්බියාව, ස්ලෝවැකියාව, පේරු, ටෝගෝ යන රටවලින්ද වෛරස් ආසාදිතයන් සොයාගෙන තිබේ.

මේ වනවිට වෛරසයට බිලි වී ඇති සමස්ත පුද්ගලයන්ගේ ප්‍රමාණය 3500 ඉක්මවා තිබේ.

රටවල් 18 කින් මරණ වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 3522 කි. එසේම තවත් 6137 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වේ.

අසාධ්‍ය රෝගීන්ගෙන් බහුතරයක්ම එනම් 5489 දෙනෙකු වාර්තා වන්නේ චීනයෙනි.

මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ප්‍රමාණය 103,738 ක් වන අතර ඉන් 80,000 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් වාර්තා වේ.

ලොව බොහෝ රටවල විවිධ උත්සව, සංගීත සන්දර්ශන, ක්‍රීඩා ඉසව් සඳහා මෙම වෛරසයේ බලපෑම එල්ල වී ඇති අතර බොහෝ ඉසව් අවලංගු කිරීමට සිදුව තිබේ.

මේ අතර මෙම වෛරසය හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකයට දරුණු බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ නිසා ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3 කින් අඩුවිය හැකි බවයි.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි