×

COVID 19: බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහලට!

මේ වන විට යුරෝපය කෝවිඩ් 19 වසංගත තත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කොට තිබේ.


බ්‍රිතාන්‍යයේ කෝවිඩ් 19 වෛරස ආසාදනය මත තවත් පුද්ගලයින් දස දෙනෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ට අනුව මරණයට පත්වූ සියළු දෙනා වෛරස සම්ප්‍රේශණයට අධි අවදානම් පැවති පුද්ගලයින් බවට පවසා සිටියේය.

මේ අනුව එංගලන්තයේ දැනට කොරෝනා ආශ්‍රිත මරණ 20ක් වාර්තා වී ඇති අතර, සමස්ත බ්‍රිතාන්‍යය තුළ වාර්තා වී ඇති මරණ ගණන 21කි.

මේ වන විට එරට හදිසි නීතිය යොදවා තිබීම තුළින් පොලිස් හා ආගමන නිලධාරීන් හට වෛරසයට නිරාවරණය වූයේ යැයි සැක පිට පුද්ගලයින් වෙන් කර තැබීමේ බලය හිමිව පවතී.

මීට අමතරව පුද්ගලයින් 500 කට වඩා එකතු වන රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට එංගලන්තය පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

මේ වන විට යුරෝපය කෝවිඩ් 19 වසංගත තත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කොට තිබේ.

මේ අතර, අයර්ලන්තයේ සියළුම පාසල් හා ළමා ආරක්ෂණ පහසුකම් සහ කෞතුකාගාර වැනි පොදු ස්ථාන වසා දැමීමට නියමිත අතර ස්කොට්ලන්තයේ පිරිස 500 කට අධික රැස්වීම් ආදිය පැවැත්වීම තහනම් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි