×

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි උද්ඝෝෂණවලින් මිය ගිය ගණන ඉහළට – රාහුල් ගාන්ධිත් සටනට එක්වෙයි

නවදිල්ලි නුවර රජ්ගාත්හි මහත්ම ගාන්ධි ස්මාරකය අසලින් හෙට දින එම විරෝධතා ආරම්භ වන බව වාර්තා කර ඇත.


ඉන්දීය පාර්ලිමේන්තුව සම්මත කරගත් පුරවැසි පනතට එරෙහිව ජනතා නැගිටීම් උත්සන්න වෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. උද්ඝෝෂණ වලින් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

පනතට අනුව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල්වලට අයත් මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය වෙනුවෙන් ඉල්ලීම කළ හැකි නමුත් මුස්ලිම් ජාතිකයන්ට එම ඉඩ අහුරා තිබේ.

මෙයට එරෙහිව ඉන්දියාවේ ප්‍රාන්ත 10ක උද්ඝෝෂණ ඇවිලී ඇත.

උත්තර් ප්‍රදේශ්හි උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම් වලින් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙම විරෝධතා සඳහා තරුණ දායකත්වය වැඩිවෙමින් පවතින බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.

විරෝධතා මර්දනය කිරීම සඳහා ආතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල පහසුකම්ද අත්හිටුවා තිබේ. එහෙත් විරෝධතාවල අඩුවක් නොමැති බව සඳහන්.

මේ වන විට ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය මෙම විරෝධතාවලට සහය දෙමින් සිටින අතර එහි නායකයෙකු වන රාහුල් ගාන්ධි ද වීථි බැසීමට නියමිතය.

නවදිල්ලි නුවර රජ්ගාත්හි මහත්ම ගාන්ධි ස්මාරකය අසලින් හෙට දින එම විරෝධතා ආරම්භ වන බව වාර්තා කර ඇත.

අෂිකා බ්‍රහ්මණ – ලංකා නිව්ස් වෙබ් වෙතිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි