×

ජපානයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළට

තුවාල ලැබුවන් 300 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 20 දෙනෙකුගේ තත්වය බරපතල වන බවයි ජපන් රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබුණේ,


2024 වර්ෂආරම්භක දිනයේ මධ්‍යම ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක් වන වජිමා නගරයට බලපෑ රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහල ගොස් ඇති අතර තුවාල ලැබුවන් 300 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 20 දෙනෙකුගේ තත්වය බරපතල වන බවයි ජපන් රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබුණේ,

අද(03) දිනයේදී නිකුත් කරන ලද චන්ද්‍රිකා ජයාරූප වලට අනුව භූමිකම්පාවකින් පසු ඇති වූ පසු කම්පනයන් හා නායයෑම්, අධික වර්ෂාපතනය හේතුවෙන් නොටෝ අර්ධද්වීපයට වඩාත් දරුණු ලෙස පහර වැදී ඇති අතර, ගොඩනැගිලි සිය ගණනක් ගින්නෙන් විනාශ වූ අතර වජිමා සහ සුසු ඇතුළු නගර කිහිපයක නිවාස විශාල ප්‍රමණයක් මුළුමනින්ම විනාශ වී ඇත.

57,360 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති අතර ඉෂිකාවා ප්‍රාන්තයේ නිවාස 34,000 කට මේ වන විටත් විදුලිය විසන්ධි වී තිබේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) එම ප්‍රදේශයට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර ජපානය සෑම වසරකම භූමිකම්පා සිය ගණනක් අත්විඳින අතර අතිමහත් බහුතරයක් කිසිදු හානියක් සිදු නොකරයි. කෙසේ නමුත් නිරන්තර භූමිකම්පා තර්ජනය නිසා ජපානය ලෝකයේ අති නවීන සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට සමත් වී තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි