×

ජර්මානු ( ඩොයිෂ් ) බැංකුව ලෝකය පුරා සේවකයන් 18000 කගේ රැකියාව අහිමිකිරීමට සැරසෙයි

2022 වන සිට ලෝකය පුරා සිය කාර්යමණ්ඩලය 74000කට සීමා කිරීම ඒ අනුව සිදුවනු ඇත.


ලෝකය පුරා පැතීරී ඇති සිය ගණනක් සිය ශාකාවල සේවය කරන සේවකයන් ගේ රැකියා අහිමි කිරීමට තමන්ට සිදුව ඇති බව පසුගිය ඉරිදා ජර්මානු බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරන ලදී ඔවුන් ප්‍රකාශ කලේ පළමු පියවර වශයෙන් සේවකයන් 18000කට සිය රැකියාව අහිමි වනු ඇති බවයි.

මෙම නිවේදනයත් සමග මේ වන විට ඇතැම් ශාකාවන්හී සේවකයන් සිය විරුද්ධත්වය දැක්වීම සදහා දැනටමත් සිය රාජකාරී නවතා දමන්නට කටයුතු කර ඇත.

මේ සම්බන්ධව පාලන අධිකාරිය පවසන්නේ මෙවැනි තීරණයක් ගැනීමෙන් අපේක්ෂා කරන්නේ සිය ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට බවයි. කුමන මට්ටමේ තනතුරු මේ අනුව කප්පාදු කරන්නේදැයි යන්න තව දුරටත් සාකච්ඡා මට්ටමේ පවතී. හෝංකොං හැරුණ විට ජර්මානු බැංකුව අනෙකුත් ආසියානු රටවලද යුරෝපා රටවලද ක්‍රියාත්මක වෙයි.

2022 වන සිට ලෝකය පුරා සිය කාර්යමණ්ඩලය 74000කට සීමා කිරීම ඒ අනුව සිදුවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි