×

DNA සොයාගත් නොබෙල් සම්මානනීය ජේම්ස් වොට්සන්ට ලබා ගත් සියලු ගරු නාම අහිමි වේ.

පුද්ගලයන්ගේ ජාතිය සහ බුද්ධිය එකිනෙකට සම්බන්ධ බවට ඔහු කළ ප්‍රකාශය ඊට හේතුවයි.


DNA අණුවේ ව්‍යූහය ලෝකයට හදුන්වා දීමට මූලිකත්වය ගත් නොබෙල් සම්මාන ලාභී ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන 90 හැවිරිදි ජේම්ස් වොට්සන් ට එරෙහිව දැඩි විවේචන එල්ල වන්නට පටන් ගෙන ඇත. එමෙන්ම ඔහු විසින් මෙතෙක් මූලිකත්වය දැරූ New York laboratory හෙවත් නිව්යෝර්ක් පර්යේෂණ විද්‍යාගාරය විසින් ඔහු වෙත මෙතෙක් ලබා දී තිබූ ගරු නාම සහ හිමිකම් සියල්ල අවලංගු කර ඇත.

මේ සියල්ලටම හේතු වී ඇත්තේ ජෙම්ස් වොට්සන් විසින් බුද්ධිමත් බව සහ ජාතිය පිළිබදව කරන ලද ප්‍රකාශයකි. පුද්ගලයන්ගේ ජාතිය සහ ඔවුන්ගේ බුද්ධිමත්භාවය අතර සම්බන්ධතාවක් පවතින බව ඔහු පවසා ඇත. එනම් ජාතිය මත බුද්ධිය තීරණය වන බවයි.

කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන්ගේ බුද්ධි මට්ටම් අතර වෙනසක් ඔවුන්ගේ ජානවලින් පෙනී යන බව පවසමින් ඔහු එසේ කර තිබුණේ වර්ගවාදී ප්‍රකාශනයකි. එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොතිබීම ද විශේෂත්වයකි.

මේ ප්‍රකාශය මිනිස් වර්ගයාට කළ ගර්හාවක් බව නිව්යෝර්ක් විද්‍යාගාරය පවසයි. ඔවුන් පවසන්නේ ජෙම්ස් වොට්සන් විසින් මිනිසුන්ගේ පූර්ව විනිශ්චයන් සාධාරණීකරණය කිරීම සදහා විද්‍යාව වැරදි ලෙස භාවිත කර ඇති බවයි.

ෙතම අදහස පිළිබදව ජේම්ස් වොට්සන් විසින් සමාව ඉල්ලා සිටියද සිය ප්‍රකාශය වෙනස් කිරීමට ඔහු කටයුතු කර නැත.

රූපවාහිනී වැඩසටහනකදී මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදුකළ ඔහු එහිදී දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ කළු ජාතිකයන් වෙනස් වනු දැකීමට තමන් කැමති බවත් ඔවුන් පුහුණු කිරීම මගින් ඔවුන්ගේ ස්වාභාවයට වඩා ඔවුන්ගේ දැනුම වැඩි කළ හැකි වුවත් සාමාන්‍යයෙන් සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන්ගේ IQ දැනුම අඩු බවයි. මෙම වෙනස ට ඔවුන්ගේ ජාන බලපාන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් මේ වන විට 90 ජේම්ස් වොට්සන් දුර්වල සෞඛ්‍ය මට්ටමක පසුවන බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසන අතර තමන් පිළිබදව ගෙන ඇති තීරණයට සිය අදහස් දැක්වීමට ඔහුට නොහැකි වී ඇත.

2007 වසරේදී ද ඔහු විසින් මේ ආකාරයේම වර්ගවාදී ප්‍රකාශ කිහිපයක් සිදුකළ අතර, පසුව ඔහු එයට සමාව ඉල්ලා තිබේ.

1962 වසරේදී ජේම්ස් වොට්සන් නොබෙල් ත්‍යාගය දිනාගත්තේ DNA අණුවේ ව්‍යූහය සොයාගැනීම නිසා ය. ෆ්‍රැන්සිස් ක්‍රික් සහ මව්රී විල්කින්ස් සමග එක්ව එම සොයාගැනීම සිදුකරන ලදී. ජීව විද්‍යාවේදී DNA අණුවේ ව්‍යූහය (ද්වි සර්පිලාකාර ව්‍යූහය) ‘වොට්සන් සහ ක්‍රික් ව්‍යූහය‘ යනුවෙන් හැඳින්වෙන්නේ ද ඔහුට කරන ගෞරවයක් ලෙස ය. මෙම සොයාගැනීම 20 වන සියවසේ ජීව විද්‍යා ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත්ම සොයාගැනීම ලෙස අවිවාදයෙන් සැලකේ.

2014 වසරේදී ආචාර්ය ජේම්ස් වොට්සන් නොබෙල් ත්‍යාගය සමග තමන්ට ලැබුණු රන් පදක්කම විකුණා දැමූ බව වාර්තා විය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ තමන් ජාතිය ගැන කළ සඳහනෙන් පසු විද්‍යා ප්‍රජාව විසින් තමන්ව ඔවුන්ගේ සමාගමයෙන් පිටුවහල් කළ බවයි. D



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි