×

ඇයි අපිටත් බැරි න්‍යෂ්ටික බලවතෙක් වෙන්න – තුර්ති ජනපති අසයි

"සමහර රටවල න්‍යෂ්ටික අවි වල අයිති කරුවන් , එකක් හෝ දෙකක් නොවේ එවැනි මිසයිල බොහෝමයක් ඔවුන් සතු වෙයි… නමුත් ඒවා අප ළග තිබුනොත් එය වරදක් අපට ඒවා තිබිය නොහැකියි. මෙය කිසි සේත් පිළිගත නොහැකිය."


තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් තම රට මැද පෙරදිග ප්‍රමුඛතම මුස්ලිම් බලවතෙකු ලෙස දකින බව රහසක් නොවේ. දේශපාලන මුහුණුවරකින් ඉස්ලාමය පිළිබඳ ඔහුගේ දැක්ම සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරඟ කරුවෙකු වීමට ඔහුව පොළඹවා ඇත.

ඇමරිකා එක්සත් ජනපදය විසින් සෑම විටකම තුර්කිය හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කරන බව ඔහු නිතරම චෝදනා කරන අතර, “උත්තරීතර තුර්කියක්” ගොඩ නැගීමේ අරමුණ වෙනුවෙන් තමන්ට න්‍යෂ්ටික බලය අවශ්‍යම බව ඔහුගේ විශෟවාසයයි.


තුර්කියට එකී තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා න්‍යෂ්ටික අවි ලබා ගැනීමට අයිතියක් හෝ අවශ්‍යතාවයක් ඇතැයි අර්ඩෝගන් ගේ විශ්වාසයයි.

මේ අනුව පසුගිය මාසයේ තම පාලක ඒ.කේ.පී පක්ෂයේ පළාත් රැලියක් අමතමින් තුර්කි නායකයා යෝජනා කළේ, “සමහර රටවල න්‍යෂ්ටික අවි වල අයිති කරුවන් , එකක් හෝ දෙකක් නොවේ එවැනි මිසයිල බොහෝමයක් ඔවුන් සතු වෙයි… නමුත් ඒවා අප ළග තිබුනොත් එය වරදක් අපට ඒවා තිබිය නොහැකියි. මෙය කිසි සේත් පිළිගත නොහැකිය.” “අපට අසල්වැසි ඊශ්‍රාලය සතුව එම බලය තිබෙනවා … ඔවුන් න්‍යෂ්ටික ශක්තිය තමන් සන්තකයේ තබාගෙන අන් අයව බිය ගන්වයි. කිසිවෙකුටත් එම බලවත් රටවල් ඒවා ස්පර්ශ කිරීමට පවා නොහැකියි .” යනුවෙනි.

තුර්කි නායකයා පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදීද මෙම අදහසම මතු කරන ලදී. සිය ජාතිකවාදී පදනම ඉහළට ඔසවාගෙන යන්නට ඔහු උපරිම උත්සහයක් ගනිමින් සිටී…. ඔහුගේ මෙම හැසිරීම ඉරානය සහ සෞදි අරාබිය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් බවට පත්වුවහොත් තුර්කියද කරබාගෙන නොසිටිනු ඇති බවට අනතුරු ඇඟවීමක් ද විය හැකිය.

අර්ඩෝගන් ගේ මේ හැසිරීමත් සමග තව දුරටත් තුර්කිය නේටෝ සංවිධානයේ කීකරු සාමාජිකයෙකු වනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව ජාත්‍යන්තර විචාරක මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි