×

මිනිසාගේ හොඳම ‘මිතුරිය’

සතුන්ට සිතන්නට පුළුවන්ද සහ සතුන්ට වෙනත් සත්වයන් හෝ මිනිසුන් සමග හෘදයාංගම බැඳීම් ඇතිකර ගත හැකිද යන්න කාලයක් මුළුල්ලේ විවාදයට ලක්වී තිබෙන කාරණයකි.


සවස වැඩ ඇරී ඔබ එන තෙක් මග බලා සිටිනා සිව්පා දරුවා සුනඛයා ය. පසුගියදා ‘සයන්ස්’ ජර්නලයේ පළ වූ අලූත්ම සොයාගැනීම හෙවත් පර්යේෂණ වාර්තාවට අනුව, ඔබ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටින විට මාපිය-දූ දරු සම්බන්ධය තරම් නිරාමිස බැඳීමක් ඔබ දෙදෙනා අතර ඇති වේ. එය රහස් බැඳීමකි. පර්යේෂණ වාර්තාවේ පැවසෙන්නේ එසේ ය. නමුත් විශාල නියැදියක් යොදාගෙන සිදුකළ පර්යේෂණයකින් මේ බව තහවුරු කරන්නට පෙර එය දැන සිටි පිරිසක් වූහ. ඔවුන් නම්, ගෙදර ඇතිකරන සුනඛයාට හදවතින් ම ආදරය කළ සාමාන්‍ය මිනිසුන් ය. මවක් සිය ළදරුවාගේ දෑස් දෙස අපරිමිත දයාවෙන් හා ආදරයෙන් යුතුව බලා සිටින්නීය. එවිට ඔවුන්ගේ ඇසට ඇස හමුවෙයි. ඒ දසුනෙන් මවගේ මොළයේ රසායනයට බලපෑමක් සිදුවෙයි. විද්‍යා බසින් කියන්නේ නම් මවගේ මොළයේ අපර පිටියුටරියෙන් ඔක්සිටොසින් හෝමෝනය ස්‍රාවය වෙන්නට හෙවත් වෑහෙන්නට පටන් ගනියි.

එවිට ඇගේ දෙතනට කිිරි ගලා ඒ. ඒ කිරි දරුවා වෙනුවෙනි. එය, දරුවා සහ මව අතර ඇති අපරිමිත දයාව නිසා මවගේ රුහිරුවල සිදුවන මහා පරිවර්තනයයි. දරුවා බිහිවන විට ප‍්‍රසව වේදනාව උත්තේජනය කළ ඔක්සිටොසින් හෝමෝනය, දැන් දරුවා වෙනුවෙන් නිරායාසයෙන් කිරි නිපදවයි. සුනඛ දරුවන් වෙනුවෙන් මේ ආකාරයට මිනිස් හාම්පුතුන්ගේ ලේ කිරි නොවූවද, පර්යේෂණයෙන් නිගමනය කෙරෙන්නේ ඒ හා සමාන ජෛවී කි‍්‍රයාවලියක් විසින් ඔවුන් අතර මහා බැඳීමක් ඇති වන බව ය. ඒ බැඳීම හැගුම්බර එකකි. මෙම හැගීම්බර රහස් සම්බන්ධය සඳහා සපුරාලිය යුතු එක් මූලික අවශ්‍යතාවයක් වෙයි. එය නම්, ‘අයි කන්ටැක්ට්’ හෙවත් ‘ඇසට ඇස හමුවීම’යි. ජපන් පර්යේෂකයෝ ‘මියුචුවල් ගේස්’ හෙවත් ‘සුහද බැල්ම’ යනුවෙන් ද මෙය හඳුන්වති. එවිට මනුෂ්‍ය විශේෂය සහ සුනඛ විශේෂය අතර පරිණාමීය ගසේ තිබෙන පරතරය පුදුම සහගත ලෙසට ක්ෂීණ වී යයි.

සතුන්ට සිතන්නට පුළුවන්ද සහ සතුන්ට වෙනත් සත්වයන් හෝ මිනිසුන් සමග හෘදයාංගම බැඳීම් ඇතිකර ගත හැකිද යන්න කාලයක් මුළුල්ලේ විවාදයට ලක්වී තිබෙන කාරණයකි. නමුත් ගතවූ දශක දෙක තුළ සිදුකෙරුණු බොහෝ පර්යේෂණවලින් යෝජනා කර සිටින්නේ සතුන්ට ද සිතීමේ හැකියාව තිබෙන බව ය. ඒ අනුව, සුනඛයන් මිනිස් හාම්පුතාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටීමෙන් ඇතිවන බන්ධනය උන්ගේ මෙම හැකියාවේ ම දීර්ඝ වීමකි. තවද එය, සියවස් ගණනක් මුළුල්ලේ සුනඛයා ගෘහස්ථකරණය වීම නිසා සිදුවූවකි. අතීතයේ පූර්ණ වනවාසී-කැලෑ සතෙකු වූ සුනඛයා, සිය පූර්ණ කාලීන දඩයම් භූමිකාව හැරදමා මිනිසා කටහඬට හා ඔහුගේ හිස අතගෑමෙන් ලැබෙන සුවයට ප්‍රිය වී කැලය හැරදමා ගල්ගුහාවේ වාසය ට පැමිණි දින පටන් සිදුවන්නට පටන් ගත් විපර්යාසයකි.

 මේ හැකියාව දැන් උන්ගේ ජානවලටම කිඳා බැස ඇත. එනම් දැන් එය පරිණාමීය බැඳීමකි. මේ බැඳීම, පරිණාමය යන්නට ජීව විද්‍යාවේදී ලබාදෙන අර්ථ දැක්වීම සඳහා ද මනාව ගැළපෙයි. එනම් එය, වසර සිය දහස් ගණනක් තිස්සේ උන්ගේ ජානවල සිදුවූ වෙනස්කමකි. එනිසාම, සුනඛයන් සතු මේ විශේෂත්වය, තවදුරටත් කැලෑවාසී සහ මිනිසාට දුරස්ථ සතෙක් වන වෘකයාට කිසිසේත්ම අදාළ නැත. ඒ බව ද මේ ජපන් පර්යේෂණයෙන් සනාථ කර තිබේ.

ජපන් පර්යේෂකයන් ට අනුව සුනඛයන්, මිනිසුන් සමග බැඳීම් ඇතිකර ගැනීමේ යාන්ත්‍රණය ඉතා හොඳින් ප්‍රගුණ කළ අය වෙති. ඉව මගින් හාම්පුතා මතක තබාගැනීම, කිසි ආඩම්බරයක් නැතිව හාම්පුතාට ප්‍රේම කිරීම, හාම්පුතා ලෝකයේ තමන් සතු ලොකුම සම්පත සේ සැලකීම සහ ඒ බව හැම අවස්ථාවකදීම පෙන්වීම, පැයක් දෙකක් නොපෙනෙන්නට සිට නැවත දර්ශන පථයට පැමිණියහොත් වසර ගණනකින් දුටුවා සේ නකුට වනා, දෙකන් සොළවා කරන ප‍්‍රීතියෙන් පිනා යාම යනාදිය එහි ආනුශංග වෙයි. මේ හැකියාව දැන් උන්ගේ ජානවලටම කිඳා බැස ඇත. එනම් දැන් එය පරිණාමීය බැඳීමකි. මේ බැඳීම, පරිණාමය යන්නට ජීව විද්‍යාවේදී ලබාදෙන අර්ථ දැක්වීම සඳහා ද මනාව ගැළපෙයි. එනම් එය, වසර සිය දහස් ගණනක් තිස්සේ උන්ගේ ජානවල සිදුවූ වෙනස්කමකි. එනිසාම, සුනඛයන් සතු මේ විශේෂත්වය, තවදුරටත් කැලෑවාසී සහ මිනිසාට දුරස්ථ සතෙක් වන වෘකයාට කිසිසේත්ම අදාළ නැත. ඒ බව ද මේ ජපන් පර්යේෂණයෙන් සනාථ කර තිබේ.

විනාඩි තිහක් පමණ සුනඛයෙක් සිය හාම්පුතා සමග කාමරයක තනිවුවහොත් සහ හාම්පුතා සමග සුහද බැලූම් හෙළමින් මේ ‘ඇස් සම්බන්ධය’ ඇතිකරගතහොත්, ඒ බව හාම්පුතාගේ රුධිරයේ රසායනික සංයුතියෙන් ප්‍රකට වන බව මේ අනුව දැන් රහසක් නොවේ. එනම් මෙහිදී සිදුවන්නේ රුධිරයේ ඔක්සිටොසින් මට්ටම ඉහළ යාමයි. මේ අතර පර්යේෂකයන් විසින් සිදුකළ දෙවැනි පර්යේෂණයකදී සුනඛයන් කිහිප දෙනෙකුගේ නාස්වලට ඔක්සිටොසින් හෝමෝනය විද, ඔවුන්ව හාම්පුතුන් හුදෙකලා කරනු ලැබීය. එහිදී පෙනී ගියේ සුනඛ කෙල්ලන්, එනම් ස්ත්‍රී සතුන් එවිට, සිය හාම්පුතුන්ගේ ඇස් දෙස දීර්ඝ වේලාවක් බලා සිටින්නට පටන් ගන්නා බවයි. තවද ඒ නිසාම එම හාම්පුතුන්ගේ මොළයෙන් ද ඒ අනුව මිනිස් ආදරයට වැඩිපුරම සංවේදී වන්නේ සුනඛයන්ගේ ස්ත්‍රී සතුන් ය. වැඩි ඔක්සිටොසින් ප්‍රමාණයක් නිපදවෙන බවයි. එවිට මිනිස් හාම්පුතුන් සුනඛයන්ට වැඩිපුර ආදරය කරන්නට පෙළඹෙන අතර, එවිට අනෙක් පසට, සුනඛයන්ගේ ද එම හෝමෝනයේ ඉහළ යාමක් සිදුවේ. ඒ අනුව මෙම පර්යේෂණයෙන් සිදුව තිබෙන්නේ සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා බව තවදුරටත් සනාථ වීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි