×

ජපන් අගමැති නොබෙල් සාම ත්‍යාගය සදහා ට්‍රම්ප්ගේ නම යෝජනා කරයි

ට්‍රම්ප්ගේ නමද ඇතුළුව 2019 වසර සදහා නොබෙල් ත්‍යාගය ලැබිය යුතුයැයි යෝජනා වූවන් 304 දෙනෙකුගේ නම් මේ වන විට යෝජනා වී ඇත.


ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම් වෙත නොබෙල් ත්‍යාගය ලබා දිය යුතු බවට තමන් විසින් යොජනා කරන්නට සූදානම් යැයි ජපන් අගමැති ශින්ෂෝ අබේ පසුගියදා පැවසීය.

ඔහුගේ මෙම සූදානම සමබන්ධයෙන් ඔහුට ලැබුණ ප්‍රතිචාර එතරම් සුබදායක නොවුණි. එම ප්‍රතිචාර නොසැලකූ ශින්ෂෝ අබේ නැවතත් සිය ප්‍රකාශය තහවුරු කර තිබේ. ඒ ජපානයේ පහළ පාර්ලිමේන්තු මණ්ඩලය අමතමිනි. ඔහු එහිදී පැහැදි කර තමන් මෙවැනි යෝජනාවක් කරුණු විරහිතව නොකරන බවත් තම යෝජනාවට හේතු ඇති බවත්ය. උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය හා වර්ධනය මැඩ පැවැත්වීම සදහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන යන වැඩ පිළිවෙල ඉමහත් බව පවසන ශින්ෂෝ අබේ . ඒ සදහා ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය අනිවාර්යෙන්ම හිමි විය යුතු බව පාර්ලිමේන්තුවට දැන්වීය.

එමෙන්ම ඔහු පවසා සිටියේ ජපානයටද ඉතාමත් වැදගත් වන උතුරු කොරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ගෙන යන වැඩපිළිවෙලට තම නොමසුරු සහයෝගය ලබා දෙන බවයි.

ට්‍රම්ප් සහ උත්රුකොරියානු නායක කිම් ජුං අන් ගේ දෙවන හමුව මෙම මස 27 , 28 දිනවල වියට්නාමයේ අගනුවර හැනෝයි හී දී පවත්වන්නට නියමිතය. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනපතිවරයාද පසුගිය සිකුරාදා පවසා තිබුණේ තමන්ව නොබෙල් ත්‍යාගය සදහා යෝජනා කරමින් ශින්ෂෝ අබේ විසින් නොබෙල් කමිටුවට යැවූ ඉතාමත් අලංකාර ලිපියේ පිටපතක් තබන් වෙතද ලැබුණ බවයි.

ට්‍රම්ප්ගේ නමද ඇතුළුව 2019 වසර සදහා නොබෙල් ත්‍යාගය ලැබිය යුතුයැයි යෝජනා වූවන් 304 දෙනෙකුගේ නම් මේ වන විට යෝජනා වී ඇත.. ඉතිහාසයේ නොබෙල් ත්‍යාගය සදහා වැඩිම පිරිසකගේ නම් යෝජනා වූ වර්ෂය මෙය වේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි