×

ට්‍රම්ප් 2020 ට සැරසේ !

ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ වත්මන් ආණ්ඩුව තවත් වසර 4 ක් සදහා තබාගන්නා ලෙසයි



2020 වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනපතිවරණය වෙනුවෙන් නැවතත් තරග වැදීමට අපේක්ෂා කරන වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සදහා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ලදී. ඒ සදහා සමාරම්භක මැතිවරණ ප්‍රචාරණ රැළිය ඇමතූ ඔහු ෆ්ලොරීඩාවේ වැසියන් වෙතින් ඉල්ලා සිටියේ වත්මන් ආණ්ඩුව තවත් වසර 4 ක් සදහා තබාගන්නා ලෙසයි.

අස්ථාවරව පැවති ඇමරිකාව ස්ථාවර කලේ තමන් යැයි පැවසූ ට්‍රම්ප් අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කොටස් විසින් ඇමරිකාවේ අනාගත සිහින සුණු විසුණු කිරීමේ නියැලෙන බවට ඔහු විසින් චෝදනා කරන ලදී  .ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් අවධාරණය කරන්නේ ට්‍රම්ප් ජනපතිගේ නැවත ජනපතිවීමේ උත්සහය සාර්ථක වීම ඇමරිකාවේ අවසානය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි