×

ට්‍රම්ප් නැවතත් එංගලන්තයේ – රට පුරා අද විරෝධතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නැවතත් එක්සත් රාජධානිය වෙත සංචාරය කර ඇති අතර, අද දිනයේ අගමැතිනී තෙරේසා මේ හමුවීමට නියමිත ය.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තෙදින සංචාරයක් සඳහා එක්සත් රාජධානියට පැමිණි අතර, එහි දෙවැනි දිනය වන අද (4) දිනයේ ‘සැලකිය යුතු‘ සාකච්ඡා සඳහා අගමැතිනී තෙරේසා මේ හමුවීමට නියමිත බව වාර්තා වේ.

එම අවස්ථාවට විදේශ ලේකම් ජෙරමි හන්ට් ද සහභාගි වීමට නියමිත ය. දේශගුණික විපර්යාසය එහිදී කතා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාවකි. දේශගුණික විපර්යාසය කියා දෙයක් නැති බව විශ්වාස කරන ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී කුමන අන්දමේ ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි එනිසා සැක සහිත ය. 2017 වසරේදී පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් කිරීම ගැන එහිදී එංගලන්තය සිය කණගාටුව ප්‍රකාශ කරනවා ඇත.

මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයට එරෙහිව අද දිනයේ බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දැවැන්ත විරෝධතා සංවිධානය කර ඇත. සුප්‍රසිද්ධ ට්‍රැෆල්ගාර් චතුරස්‍රය ද ඒ සඳහා යොදාගැනීමට නියමිත ය.

ලන්ඩනයේ පැවැත්වීමට නියමිත විරෝධතා රැළියේදී විරෝධතා කරුවන් ඇමතීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ය.

මහ රැජින සමග භෝජන සංග්‍රහයක්

එක්සත් රාජධානියට පැමිණෙන විදේශ නායකයන් සම්භාවනීයයන් සේ සලකා ඔවුන්ට බකිංහැම් මාළිගයේ භෝජන සංග්‍රහයක් පැවැත්වීම මහ රැජිනගේ සිරිතකි. තෙදින සංචාරයේ පළමු දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හට ද මෙම අවස්ථාව හිමි විය. එහිදී ඇමරිකාව සහ එංගලන්තය අතර තිබෙන්නේ ‘සදාකාලික/අත්‍යන්ත මිතුරුකමක්‘ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේය!

එයට පිළිතුරු වශයෙන් මහ රැජින පැවසුවේ තමන් සිදු කරන්නේ ‘දෙරටේම ජනතාවගේ ආරක්ෂාව සහ සෞභාග්‍යය සාක්ෂාත් කරන සන්ධානයක් සැමරීම‘ බවයි.

‘‘ගලක් මෙන් සීතල පරාජිතයෙක්‘

පසුගිය වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියට පැමිණි විට ඔහුට විරුද්ධව විවෘත වාග් ප්‍රහාර එල්ල කළේ ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ය. ට්‍රම්ප්ව නැවත කිසිදා එංගලන්තයේදී දකින්නට කැමති නැතැයි ද සාදික් කියා තිබේ. ඒ කතාවට එකට එක කීමට ට්‍රම්ප් එංගලන්තයට පය තැබීමට මොහොතකට පෙර පසුබට නොවුණේය. සිය දේශපාලනික සතුරු කම එළිපිට ප්‍රදර්ශනය කරමින් ට්‍රම්ප් පැවසුවේ සාදික් ඛාන් යනු ‘‘ගලක් මෙන් සීතල පරාජිතයෙක්‘ බවයි.

The Queen and Donald Trump arrive at the state banquet
Day one of Mr Trump’s visit culminated in a glittering state banquet at Buckingham Palace
Theresa May arriving for the state banquet
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ භෝජන සංග්‍රහයට තෙරේසා මේ ද පැමිණ සිටියාය.


Huawei ප්‍රශ්නය ගැන සාකච්ඡා

ට්‍රම්ප් සහ තෙරේසා මේ, හුආවෙයි සමාගමේ ගැටළුව පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත ය. ඇමරිකාව පසුගියදා ආරක්ෂක හේතු මත හුආවෙයි සමාගම අසාධු ලේඛන ගත කළේය. එනම් ‘බ්ලැක් ලිස්ට්‘ කළේය. මේ වන විට එංගලන්තය සූදානමින් සිටියේ සිය 5G network සඳහා එම සමාගම සමග කටයුතු කිරීමට ය.

Presentational grey line

දේශපාලන බලය ගැන බැරෝමීටරයක්

දේශපාලන කර්තෘවරිය වන ලෝරා කුවන්ස්බර්ග් පවසන්නේ ට්‍රම්ප්-තෙරේසා මේ හමුව සහ ට්‍රම්ප්ගේ මෙම සංචාරය, දේශපාලන බලය පිළිබඳ පීඩන මානයක්, එනම් බැරෝමීටරයක් වනු ඇති බවයි. මේ ඇය විසින් තබනු ලබන සටහනකින් කොටසකි.

තෙරේසා මේ, දේශපාලනයේදී පරිස්සම්කාරියකි. ඇය පක්ෂයේ ඉහළම තැනට පත්වූයේ ක්‍රමිකව ය. ඒ අනුව තමන් ආදරය කරන සහ ආරක්ෂා කරගන්නා පක්ෂය වෙනුවෙන් ඇය පෙනී සිටිනවා ඇත.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් සමග එකඟ නොවන්නන් හෙළා දකින, පුවත් මවන දේශපාලකයෙකි.

මේ දෙදෙනාගේ දේශපාලන අනාගතය මේ වන විට දෙපසකට විහිදී ඇති බව පෙනේ. තෙරේසා මේ ගේ දේශපාලන අනාගතය බ්‍රෙක්සිට් ප්‍රශ්නය නිසා අවිනිශ්චිත ය. මේ අතර ට්‍රම්ප්, දෙවන ධුර කාලයක් ගැන සිහින මවමින් සිටියි.

දේශගුණික විපර්යාසය ගැන බරපතළ ලෙස සිතන ලෙසටත් ඉරානය ගැන දක්වන ස්ථාවරය ගැන ප්‍රෙව්ශම් වන ලෙසටත් අංක 10, ඩව්නින් වීදිය නොහොත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී තෙරේසා මේ, ඩොනල්ඩ් ට්‍රම්ප් හට පවසනු ඇත. එසේම බ්‍රිතාන්‍ය යේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් හුආවෙයි සමාගම කෙරෙහි තබා තිබූ විශ්වාසයත්, බ්‍රෙක්සිට් ගැටළුවත් මෙහිදී නිසැක ලෙසම සාකච්ඡා වනු ඇත.

නමුත් උනන්දුසහගත හවුල් ප්‍රකාශ නම් අද දිනයේ බලාපොරොත්තු නොවන්න!

සත්‍යය නම් තෙරේසා මේ දේශපාලනික වශයෙන් වියැකී යමින් සිටින්නීය. මේ අතර ඇමරිකාව සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇසක් අඩවන් කරගෙන බලා සිටින්නේ මීළඟට බලයට එන්නේ කවුරුන්ද යන්න දෙස ය!

Read Laura’s full blog here

  • BBC


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි