×

ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයත් පුදුම කරවයි

.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 28 වන දා ඇෆ්නිස්ථානයේ හදිසි සංචාරයක් සඳහා සහභාගී විය.

ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරත වී සිටින ඇමරිකානු භටයින් බැහැදැකීම ඔහුගේ මූලික අරමුණ වී ඇති අතර අඵ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් අල් ඝානි හමුවීමටද ඔහු අපේක්ෂා කරයි.

සිය සංචාරය පිළබදව අදහස් දැක්වූ ඇමරිකානු ජනපතිිවරයා පවසා සිටියේ තලේබාන් සංවිධානයට තමන් හා ගිවිසුමකට එලැඹීමේ දැඩි අපේක්ෂාවක් පවතින බවයි. ඔවුන් සමග සාධාරණ ගනු දෙනුවකට හෝ සම්පූර්ණ ජයග්‍රහණයක් කරා යෑමට අපට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

පසුගියදා තලේබාන් සංවිධානය සමග පවත්වන්නට නියමිතව පැවති සාකච්ඡා අත්හිටුවන බව ට්‍රම්ප් විසින් ප්‍රකාශ කෙරෙිණි 9/11 ප්‍රහාරයේ සංවත්සරයට සමගාමීව.

ඇමරිකානු මැදිහත්වීම් පිළිබදව ඇෆ්ගනිස්ථාන ජනපතිවරයා ඇමරිකාවට සිය ස්තූතිය පළ කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි