×

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකානුවන්ගෙන් 60% ක් කැමති නෑ!

ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේම පක්ෂයේ රිපබ්ලිකන් දැවැන්තයෙකු වූ ජෝන් මැකේන්ගේ මළගෙදර ආවේ නැත!


ඩොනල්ඩ් ට්‍රම්ප්ට රට තුළ ඇති පිළිගැනීම, අවමයට වැටෙයි. ‘ජාතික අකමැත්ත‘ (national displeasure) 50% ඉක්මවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට රට තුළ ඇති පිළිගැනීම, නොඑසේ නම් ඔහුගේ approval rating, මේ වන විට 2017 ජනවාරි මාසයේ 1 වැනිදා පටන් ඔහුගේ ධුර කාලය තුළ අවමය දක්වා අඩු වී ඇති බව අලුත්ම වාර්තා පෙන්වා දෙයි.

මේ වන විට ඇමරිකානුවන්ගෙන් 53%ක්ම ඔහු ධවල මන්දිරය තුළ ක්‍රියාකරමින් සිටින ආකාරය පිළිබඳ දැඩි සේ සිය අකමැත්ත පළ කරමින් සිටිති.

නවතම සමීක්ෂණ අනුව මේ වන විට එම ‘අකමැති වීමේ ප්‍රතිශතය‘ 60% ද ඉක්මවා ගොස් ඇත. ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රුසියානු අතපෙවීම පිළිබඳ සොයාබලන මුලර් කොමිසම විසින් සිදුකරනු ලබන නිරීක්ෂණ මෙයට විශාල වශයෙන් දායක වී තිබේ.

එයට අනුව මේ වනවිට ඇමරිකානුවන්ගෙන් බහුතරයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිදුකරන එම පරීක්ෂණය සඳහා 52%ක ඇමරිකානුවන් පිරිසක් දැඩි සේ සහයෝගය දක්වමින් සිටින අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නීතිපති ජෙෆ් සෙසන්ස්ව ධුරයෙන් පහ කිරීම, ‘නොකළ යුතුව තිබූ දෙයක්‘ බව ඔවුහු සිතති.

එම සමීක්ෂණය සිදුකර තිබෙන්නේ ABC/Washington Post මාධ්‍ය මගින් මුළු ඇමරිකාවම ආවරණය වන පරිදි සිදුකර තිබෙන ජනතා කැමැත්ත විමසීමක් මගිනි.

ජෝන් මැකේන්ගේ මළ ගෙදර නොආ ඩොනල්ඩ් ට්‍රම්ප්

හිටපු රිපබ්ලිකන් දේශපාලනඥ ජෝන් මැකේන්ගේ අවමංගල්‍ය සේවාව සඳහා ද ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණ සිටියේ නැත. ජෝන් මැකේන්ගේ දෙණ, ඇරිසෝනා හි සිට වොෂින්ටන් ඩී.සී. දක්වා රාජ්‍ය ගෞරවය දැක්වීමට ගෙන ආ අතර, එවැනි ගෞරවයක් ලද 31 වැනි ඇමරිකානුවා බවට ද සෙනෙට් සභික ජෝන් මැකේන් පත්විය. වොෂින්ටනයේ පැවති අවමංගල්‍ය සේවය සඳහා ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව නියෝජනය කරමින් කතාව පැවැත්වූයේ උප ජනාධිපති මයික් පෙන්ස් විසින් වූ අතර, ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඇරයුම් කර තිබුණේ ද නැත. මැකේන් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ 2008 රිපබ්ලිකන් තරගකාරිය, හිටපු ඇලස්කා ආණ්ඩුකාරවරිය සේරා පේලින් හට ද ඒ සඳහා ඇරයුම් කර තිබුණේ නැත.

එසේම වොෂින්ටනයේ නැෂනල් කැතර්ඩල් හි පැවති අවමංගල්‍ය සේවාව සඳහා ද ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඇරයුම් කර නොතිබිණි. හිටපු ජනාධිපති සහ, ප්‍රතිවිරුද්ධ ඩිමොක්‍රටික් දැවැන්තයෙක් වන බරාක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්. බුෂ් පවා මෙයට සහභාගි වී සිටියේය. බරාක් ඔබාමාට සිය අවමගංල්‍යෙය්දී කතාවක් පවත්වන ලෙසට ඇරයුම් කර තිබුණේ ජෝන් මැකේන් විසින්ම, මෙයට මාස කිහිපයකට පෙර බව ද අනාවරණය වී තිබේ.

ට්‍රම්ප්ට තවත් කුණාටු

මෙම ජාතික නොසතුට විමසීමේ සමීක්ෂණය පැවැත්වුණේ ට්‍රම්ප්ගේ හිටපු කැම්පේන් කළමනාකාර පෝල් මැනෆෝට් (Paul Manafort), වර්ජිනියා හි අධිකරණයක් විසින් වංචාවකට වරදකරු බවට තීරණය කිරීමෙන් දින 10කට පසුව වීම ද විශේෂත්වයකි. පෝල් මැනෆෝට් උසාවියෙන් වරදකරුවෙකු බව තීරණය කළ දිනයේදීම ට්‍රම්ප්ගේ නීතීඥයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ මයිකල් කොහෙන් (Michael Cohen) ද නිව්යෝක් හි ෆෙඩරල් අධිකරණය ඉදිරියේ ට්‍රම්ප් සමග යහන්ගත වූ කාන්තාවකට මැතිවරණ ප්‍රචාරක අරමුදලෙන් අයථා ලෙස මුදල් ගෙවීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ලක් විය. එහිදී විවෘත අධිකරණයේදීම මයිකල් කොහෙන්, ට්‍රම්ප්ව දැඩි සේ දෝෂදර්ශනයට ලක්කරමින් කතා කළේය.

ඇමරිකාවෙන් 49%ක් ට්‍රම්ප්ව විශ්වාසභංගයට ලක් කළ යුතු බව කියයි!

කොංග්‍රසය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ව විශ්වාසභංගයට ලක් කර, ඔහුව ධුරයෙන් නෙරපිය යුතු යැයි මේ වන විට පවසමින් සිටින ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය 64% කි.

තවත් විනාශකාරී සතියක් ගෙවා දැමූ ට්‍රම්ප්, මේ වන විට නිවේදනය කර තිබෙන්නේ මුලර් විමර්ශනය සඳහා සහාය දක්වන සිය නීතීඥ ඩොන් මැක්ගාන් ද ඉල්ලා අස්වීමට නියමිත බව ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත එල්ල කරන සුපුරුදු ප්‍රහාර නැවතත් නව මානයකින් දියත් කර සිටින ට්‍රම්ප්, ගූගල් වැනි අන්තර්ජාල යෝධයන් ව ද පටු කෝණයකින් විවේචනය කරමින් සිටියි.

එසේම 2019 ජනවාරි මාසයේ සිදුකළ යුතුව තිබූ ෆෙඩරල් සේවකයන්ගේ වැටුප් වැඩිවීම් අවලංගු කරන බව ද ට්‍රම්ප් මේ වන විට කියා තිබේ. ඔහු පවසන්නේ ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් එසේ කළ යුතු බව ය.

ජෝන් මැකේන් ප්‍රකටව සිටියේ, රිපබ්ලිකන් පක්ෂය තුළ සිටිමින්ම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන දැඩි සේ විවේචනය කළ අයෙක් ලෙස ය. පක්ෂය දෙකට බෙදන්නට උත්සාහ කරන්නේය යන චෝදනාව ද ට්‍රම්ප් වෙතින් මැකේන් හට එල්ල වී තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප්, මැකේන් මිය ගිය විට ඔහුට අවසන් ගෞරව දක්වන්නට මන්දෝත්සාහී වීම තුළින් දැන් සිදුව තිබෙන්නේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය තව දුරටත් පහළ යාම පමණි.

පෙර පුවත-

ට්‍රම්ප්, ප්ලේබෝයි පෙම්වතියගේ කට වහලා!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි