×

ට්‍රම්ප්, ප්ලේබෝයි පෙම්වතියගේ කට වහලා!

ඇමරිිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරූපිකාවන් සමග යහන්ගත වීම ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ ඇයි?


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්ලේබෝයි (Playboy) නිරූපිකාවකට සිදුකරන ගෙවීම් ගැන සිදුකළ සංවාදය මේ වන විට නැවත කරළියට පැමිණ තිබේ.

මේ අපවාදයත් සමග කරළියට පැමිණ තිබෙන්නෙ කරෙන් මැක්ඩෝගල් (Karen McDougal) නමැති නිරූපිකාවකි. තමන් ට්‍රම්ප් සමග පවත්වාගෙන ගිය මාස 10 ක සම්බන්ධය ගැන නිශ්ශබ්දව සිටින ලෙසට තමන්ට බල කෙරුණු බවත් ඇය විසින් හෙළිදරව් කර ඇත. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ආරම්භ වී තිබෙන්නේ ට්‍රම්ප් විසින් මෙලනියා ට්‍රම්ප් ව විවාහ කර ගෙන වසරකට පමණ පසුව ය.

මෙම රහසිගත සංවාදය පටිගත කර තිබෙන්නේ එවකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයෙකු ලෙස කටයුතු කළ මයිකල් කොහෙන් (Michael Cohen) විසිනි. පෙර කී නිරූපිකාවට සිදුකළ යුතු ගෙවීම් සම්බන්ධයෙන් මයිකල් කොහෙන් සමග ට්‍රම්ප් විසින් සිදුකරන කථා බහක් එහි දැක්වේ. මේ බව මුලින්ම අනාවරණය කළේ ජනාධිපතිවරණයට මාස 2කට පෙර එම කාන්තාව විසිනි.

Karen McDougal  | Getty Images

Karen McDougal | Getty Images

ඇය නැෂනල් එන්ක්වයරර් නමැති ටැබ්ලොයිඩ් පුවත්පතට ඩොලර් ලක්ෂ එකහමාරකට ඇගේ කතාන්දරය විකුණා තිබිණි. මෙහි රසවත්ම පුවතක් වූයේ එම ටැබ්ලොයිඩ් පුවත්පතේ හිමිකම තිබෙන්නේ ද ට්‍රම්ප්ගේ පුද්ගලික මිතුරෙකුට වීම ය. මේ වන විට එෆ්බීඅයි ඔත්තු සේවය විසින් ටැබ්ලොයිඩ් පුවත්පත විසින් ඇයට සිදුකළ ගෙවීම් පිළිබඳව ද විස්තර ඉල්ලා ඇත.

මේ වන විට මයිකල් කොහන් ට විරුද්ධව ද වෙනම විමර්ශනයක් පැවත්වෙමින් තිබනේනේ බැංකු සහ බදු වංචාවන් කරමින් ඒ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේදැයි සොයාබැලීම සඳහා ය.

GETTY IMAGES

ට්‍රම්ප්ගේ නීතීඥ මැක්කොහෙන් GETTY IMAGES

මේ සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් ලබාදී තිබූ පිළිතුර වූයේ මයිකල් කොහෙන් තවදුරටත් තමන්ගේ නීතීඥයෙකු නොවන බව ය. එම චෝදනාව බොරු බවත් එවැනි කාන්තාවක් තමන් නොදන්නා බවත් ඔහු සුපුරුදු පරිදි කියා තිබේ. පසුව මැයි මාසයේදී ට්‍රම්ප් පිළිගත්තේ තමන් විසින් වෙනත් කාන්තාවක් සඳහා සිදුකළ ගෙවීමක් කොහෙන්ගෙන් නැවත ලබාගැනීම පිළිබඳ තමන් සාකච්ඡා කළ බව ය.

මේ අතර ඊයේ (සිකුරාදා) තවත් ට්‍රම්ප් නීතීඥයෙක් වන රූඩි ගුලියානි නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ ට්‍රම්ප් සහ මයිකල් කොහෙන් මැක්ඩොනල්ඩ් මෙනෙවියට සිදුකරන ගෙවීම් පිළිබඳ සාකච්ඡා කළ පුවත තමන් පිළිගන්නා බවයි.

ට්‍රම්ප් විසින් නිරූපිකාවන් සමග යහන්ගත වීම ජාතික හෝ අන්තර්ජාතික ශීර්ෂපාඨ මවා තිබෙන්නේ විශේෂ කාරණයක් නිසා ය.

මෙයට මාස කිහිපයකට පෙර, ‘ස්ටෝමි ඩැනියෙල්ස්‘ නමැති නිරූපිකාවකට ද ට්‍රම්ප් ලිංගික සේවා සැපයීම සඳහා මුදල් ගෙවූ බව අනාවරණය වීමෙන් විශාල කලබගෑනියක් ඇති විය. ඒ වතාවේ ට්‍රම්ප් ඩොලර් 130,000 ක් ගෙවා තිබුණු අතර 2006 වසරේ මාස 6 ක කාලයක් පැවති ලිංගික සබඳතාවලදී කැලිෆෝනියා සහ නෙවඩා හි ගත කළ ජීවිතය ගැන ද කරුණු අනාවරණය විය.

Stormy Daniel | New York Post

යම් අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ සිය ලැජ්ජාසහගත හැසිරීම් යටගැසීම සඳහා ‘හෙළිදරව් නොකළ ගෙවීම් සිදුකර තිබීම“ (undisclosed payments to bury embarrassing stories about a political candidate ) ඇමරිකානු මැතිවරණ නීතිය අනුව නීති විරෝධී ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි