×

1987 පසු DOW දර්ශකය අවම මට්ටමක් කරා ළගා වෙයි

.


 

ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය හෙවත් Dow Jones Industrial Average දර්ශකය වසර 33 කට පසු සීග්‍රලෙස පහත වැටී  ඇති බව වාර්ථා වේ. ඒ අනුව ඒකක2300ක බිඳ වැටීමක් වාර්ථා කරනු ලබයි.

ඇමරිකානු කොටස් වෙළඳ පල දර්ශකයක් වන ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය මෙසේ අවම මට්ටමක් කරා ළගා වීමත් සමග වෙළඳ පළ කොටස් සම්පූර්ණයෙන්ම විනාශවී යෑම, තෙල් වෙළඳපළ කඩා වැටීම, ණය වෙළඳ පළ සීමා කිරීම්, පමණක් නොව බිට්කොයින් සහ ලෝක රත්‍රන් වෙළඳපළට දැඩි ලෙස හානි කිරීමට කොරෝනා වෛරසය හේතුවෙන් ඉහළ යමින් පවතින බිය හේතුවක් වී ඇත.
ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයේ සාමාන්‍ය ඒකක 2356.60 හෙවත් සියයට 10ක වේගයෙන් කඩා වැටී ඇති අතර 1987 වසරෙන් පසු එක් දින සැසියක් තුළඳී සිදුවූ දරුණූතම කඩා වැටීම මෙය වේ.

ඊයේ දින රූපවාහිනියට ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු අගමැතිවරයා කොරෝනා වෛරසය ඇමරිකාවට අයත් නොවන බව පවසමින් එයට විදේශීය ලේබලය ගසන්නට උත්සහා කළ අතර වෛරසය පුපුරා යෑම හේතුවෙන් ඇතිවන ආර්ථික බලපෑම මග හරවා ගැනීමට බදු සහන සහ සුළූ ව්‍යාපාරිකයන් හට ආධාර ලබා දීම වැනි යෝජනාවන් ඉදිරිපත් කරන ලදී. නමුත් කාටස් වෙළඳපළ අවපාතය සම්බන්ධව ආයෝජකයින් හට ඇතිවෙමින් පවතින භීතිකාව නැති කිරීම සම්බන්ධව කිසිදු අදහසක් දැක්වීමට ට්‍රම්ප් අසමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි