×

ඊසානදිග නයිජීරියාවේ ජිහාඩ් ප්‍රහාරයක් ලෙස සැක සහිත ප්‍රහාරයකින් 59 ක් මරුට!

සිදු කණ්ඩායමක් තවමත් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ මළ සිරුරු 59 ක් සොයාගෙන ඇතිව වන අතර රොයිටර් පුවත් සේවය වාර්තා කළේ 69 දෙනෙකු මිය ගිය බවයි.


ඊසානදිග නයිජීරියාවේ ජිහාඩ් ප්‍රහාරයක් ලෙස සැක සහිත ප්‍රහාරයකින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබේ. අඟහරුවාදා දහවල් බෝර්නෝ ප්‍රාන්තයේ ගුබියෝ දිස්ත්‍රික්කයේ දුර බැහැර ගමකට තුවක්කුකරුවන් ඇතුළු වූ අතර ඔවුන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඔවුන් මිය ගිය අතර තවත් දුසිම් ගණනක් තුවාල ලැබීය.

මෙය පළිගැනීමේ ප්‍රහාරයක් යැයි විශ්වාස කෙරෙනඅතර තුවක්කු කරුවන් විසින් ගම්මානය ද විනාශ කර ඇති බව ප්‍රාදේශීය වාර්තා පෙන්වා දෙයි.

කිසිදු කණ්ඩායමක් තවමත් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ මළ සිරුරු 59 ක් සොයාගෙන ඇතිව වන අතර රොයිටර් පුවත් සේවය වාර්තා කළේ 69 දෙනෙකු මිය ගිය බවයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ සටන්කාමීන් මෙසේ ප්‍රහාර කළ හේතුව වන්නේ ගම්වැසියන් බව සැක සහිත් පුද්ගලයින් ආරක්ෂක අංශ සමග තොරතුරු හුවමාරු කර ගත් බවට සැක කරන බවයි. ඒඑෆ්පී කියා සිටියේ පශු සම්පත් ආරක්ෂා කිරීමට උත්සාහ කරන ප්‍රදේශවාසීන් විසින් ජිහාඩ් සටන්කරුවන් ඝාතනය කර ඇති බවයි.

ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පැහැදිලි නැතත්, ජිහාඩ් කන්ඩායම් වන බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ විසින් නයිජීරියාවේ ඊසාන දෙසින් මාරාන්තික ප්‍රහාර එල්ල කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි