×

මොගඩිෂු හි බෝම්බ පිපිරුමක් පුද්ගලයින් 78කට මරු කැඳවයි

මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළට


සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි ඊයේ ( සෙනසුරාදා) සිදු වූ කාර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්ථා වේ.

පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් පවතින අතර ආරක්ෂක අංශ වලට අනුව පිපිරුම සිදුව ඇත්තේ ඊයේ උදෑසන මොගඩිෂු හී බදු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉලක්ක කරමිනි.
තුවාල ලැබූවන් අතර බස් රථයක ගමන් කරමින් සිටි දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ද සිටි බව වාර්ථා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති අතර අල්-ෂබාබ් සටන්කාමීන් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ සැක කෙරේ.

පුහාරය පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි ෆර්මාජෝ ප්‍රකාශ කර සිටින්නේ සෝමාලියානු ජනතාව අධෛර්යමත් කිරීම මෙවැනි ප්‍රහාර වල අරමුණ වන නමුත් ජිහාඩ්වාදීන්ට කිසි විටෙකත් රට නැවත ගොඩනැඟීම නතර කර දමන්නට හැකි නොවනු ඇති බවයි.

පුහාරය එල්ල කල බවට සැක කෙරෙන අල් ෂබාබ් සටන් කාමීන් අල්කයිඩා සංවිධානය සමඟ මිත්‍ර වූ ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් වන අතර වසර 10 කට වැඩි තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. 2011 වසරේදී එරට අගනුවරින් බලහත්කාරයෙන් අල් ෂබාබ් වරුන් ඉවත් කරන ලද නමුත් තවමත් එරට ප්‍රදේශ පාලනය කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි