×

කොංගෝවේ නව ජනපති ධූරයට හිටපු විපක්ෂනායක.

කොංගෝව 1960 වර්ෂයේදී බෙල්ජියම් රජයෙන් නිදහස ලැබූ පසු කොංගෝවේ ප්‍රථම වරට වෙනත් පක්ෂයක් වෙත බලය හුවමාරු වූ පළමු අවස්ථාව මෙය වෙයි.


මෙවර මැතිවරණය සදහා කරට කර තරගකරුවන් තිදෙනෙක් ජනපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කළ අතර හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය එමැනුවල් රම්සානි අනෙක් ජනපතිධූර අපේක්ෂකයින් ලෙස මෙහිදී තරග වැදුණහ. කොංගෝව 1960 වර්ෂයේදී බෙල්ජියම් රජයෙන් නිදහස ලැබූ පසු අප්‍රිකාවේ නොදියුණුම රාජ්‍යයක් වශයෙන් පැවතියේය. අසල්වැසි රුවන්ඩාව සහ උගන්ඩාව සමග පැවති යුද්ධ සහ රට අභ්‍යන්තරයේ පවතින සටන්කාමී ව්‍යාපාර හේතුවෙන් කොංගෝව ලෝකයේ බිහිසුණු දේශපාලන වටපිටාවකින් යුත් රාජ්‍යයක් ලෙස සැලකේ. 2001 වසරේ පටන් වරින් වර අවස්ථා 3 කදී බලයට පත්වූ ජෝසප් කබීලා සැලකෙන්නේ කොංගෝව ප්‍රජාතන්ත්‍රවාදය වෙත හැකි පමණින් යොමුකළ නායකයෙකු ලෙසය. දැනට ක්‍රියාත්මක වන 2006 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ද කබීලා මුල් විය. මේ අතර, නව නායකයා ලෙස තේරී පත්වු ෆීලික්ස් ට්සිසේකෙඩි ද කබීලා යනු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසේ සහකරුවෙකු වූ බවයි. ජයග්‍රහණයෙන් පසු ඔහු පැවසුවේ කිසිදු භේදයකින් තොරව සියලු කොංගෝ ජාතිකයන්ගේ ජනපති වීමට තමන් බලාපොරොත්තු වන බවයි. 55 හැවිරිදි ෂිසේකෙඩි දශක ගණනාවක් තිස්සේ කොංගෝවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කර තිබේ. කොංගෝවේ ප්‍රථම වරට වෙනත් පක්ෂයක් වෙත බලය හුවමාරු වූ අවස්ථාව මෙය වෙයි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි