×

මහරැජිනගේ සැමියා රියැදුරු බලපත්‍රය භාරදෙයි. නීතියට යටත් වෙයි!

එංගලන්තයේදී බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සැමියා පවා නීතියට යටත් පුද්ගලයෙකි. නීතිය මත පාලනය බිහිවූ රටක් තුළ ජීවත් වන පුරවැසියන් අදටත් එය සුරකින අයුරු අපූරු ය.


බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා තමන්ගේ රියැදුරු බලපත්‍රය ස්වෙච්ඡාවෙන් බාරදුන්නේය. ඒ, නීතියට සහ නීතිය මත පාලනයට ගරු කරන පුරවැසියෙක් පිළිබඳ කදිම ආදර්ශයක් ද සමග ය.

බකිංහැම් මාළිගයේ නිල නිවේදනයක දැක්වෙන්නේ 97 හැවිරිදි කුමාරයා, තමන් විසින් සිදුකළ රිය අනතුර පිළිබඳ ‘සැලකිල්ලෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව‘ මේ තීරණය ගත් බව ය.

මහ රැජිනට අයත් නෝෆෝක් වතුයාය අසලදී කුමරු පැදවූ රථය අනතුරකට ලක් වූයේ මෙයට මාසයකට පමණ ඉහතදී ය. එහිදී ලෑන්ඩ් රෝවර් රථය සම්පූර්ණයෙන්ම පැත්තකට හැරවී පාර මත වැතිර තිබිණි.

රිය හැප්පුණේ සිය මාස 9 ක බිළිඳා සමග මවක් ගමන් කරමින් සිටි මෝටර් රථයක ය. ඇගේ වළලුකර බිඳී ගොස් තිබූ අතර, බිළිඳාට වාසනාවකට මෙන් කිසිදු අනතුරක් සිදු නොවුණි.

පරීක්ෂණ සති 3 ක් තිස්සේ

නෝර්ෆෝක් පොලිසිය සති 3 ක කාලයක් මුළුල්ලේ මේ ගැන පරීක්ෂණ පවත්වමින් සිටියේය. ඔවුන් සාක්ෂිකරුවන්ගෙන් තොරතුරු විමසමින් සිටියේ, මෙය, මහජන සුබසිද්ධිය යටතේ පැවරිය යුතු නඩුකරයක්දැයි තහවුරු කර ගැනීම සඳහා ය.

ඊයේ (සෙනසුරාදා) දිනය වන විට නෝර්ෆෝක් පොලිසිය විසින් පිලිප් කුමාරයාගේ නොහොත් එඩින්බර්ග් හි ආදිපාද (ඩියුක්)වරයාගේ නඩු ෆයිල් එක කිරීට අභිචෝදන සේවය වෙත යැවුවේය.

එංගලන්තයේදී මහ රැජිනගේ සැමියාට වුවත් නීතියෙන් බේරීගත නොහැක!

මහ රැජිනගේ සැමියා පවා නීතියට යටත් ය!

The Duke at the scene of the crash on the Queen's Sandringham Estate last month
The Duke at the scene of the crash on the Queen’s Sandringham Estate last month CREDIT:  GEORGE GLASS

නෝර්ෆෝක් පොලිසිය රිය අනතුර ගැන විමර්ශනය කිරීමේදී රථයේ රියැදුරා කවුද යන්න වැදගත් කර ගත්තේ නැත. පොලිසියේ ප්‍රකාශකයෙක් මෙසේ කියයි. ‘‘ලෑන්ඩ් රෝවර් රථයේ සිටි 97 හැවිරිදි රියැදුරා 2019 ජනවාරි 17 වැනිදා සිදුවූ රිය අනතුරට සම්බන්ධ බව නෝර්ෆෝක් පොලිසියට ස්ථිර වශයෙන්ම තහවුරු කිරීමට පුළුවන. ඔහු අද දිනයේ ස්වෙච්ඡාවෙන්ම පැමිණ සිය රියැදුරු බලපත්‍රය ස්වෙච්ඡාවෙන් නිලධාරීන් හට භාර දුන්නේය. අපි ඒ සම්බන්ධයෙන් නිසි කාර්යපටිපාටිය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නෙමු!“

මේ වන විටත් මෙම රිය අනතුර සම්බන්ධයෙන් පිලිප් කුමාරයා අධිකරණයේ පෙනී සිට අවසන් ය. එහිදී ලිපියක් ඉදිරිපත් කරමින් ඔහු කියා තිබෙන්නේ සූර්යාලෝකය හේතුවෙන් එම අවස්ථාවේදී තමන්ගේ පෙනීමේ ගැටළුවක් ඇති ව තිබූ බවයි.

මෙහි නීතිමය තත්වය පිළිබඳ මත පළ කරමින් නීති විශාරදයන් කියා සිටියේ, ඔහු විසින් සිය රියැදුරු බලපත්‍රය භාර නොදෙන්නේ නම්, අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍යතාවක් නැති බවයි.

නමුත් කුමරු කළේ එයට ප්‍රතිවිරුද්ධ දෙයයි. ඔහු රියැදුරු බලපත්‍රය භාර දුන්නේය. ඒ අනුව ඔහු සිය කැමැත්තෙන්ම අධිකරණයේ ඉදිරිපත් වීමට සැරසී සිටියි.

Emma Fairweather, who was injured in a car crash involving the Duke of Edinburgh 
Emma Fairweather, එඩින්බර්ග් හි ආදිපාදවරයා හේතුවෙන් රිය අනතුරට ලක් වූ කාන්තාව
  CREDIT: PA

පිලිප් කුමරු මෙම කාන්තාව වෙත ලිපියක් යැව්වේය. එහි මෙසේ සඳහන් වේ. ‘‘බාබිග්ලි හරස් පාරේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මගේ පාර්ශවයෙන් මා කොතරම් කණගාටු වන්නේදැයි ඔබ දැනගන්නවාට මා කැමතියි“ එහිදී එම රිය අනතුර සම්බන්ධයෙන් විස්තර කරන ආදිපාදවරයා, මෝටර් රථයේ සිටි කිසිවෙකුට බරපතළ තුවාල සිදුනොවීම සම්බන්ධයෙන් සිය සතුටද පළ කරයි.

“I was somewhat shaken after the accident, but I was greatly relieved that none of you were seriously injured. යැයි එහි සඳහන් වේ.‘‘I am deeply sorry about this injury.

මහත්මා ගති ගුණවලින් සුද්දන් තවමත් සිටින්නේ ඉදිරියෙනි. නීතිය මත පාලනය (නීතියේ ආධිපත්‍යය) පිළිබඳ ලෝකයේ විශිෂ්ටතම ග්‍රන්ථය වශයෙන් සැලකෙන ‘රූල් ඔෆ් ලෝ‘ හි කතුවරයා වන බිනැම් සාමිවරයා ද ඉංග්‍රීසි ජාතිකයෙකි. එහි එක් තැනෙක නීතිය මත පාලනයට ඔහු විසින් දක්වන උදාහරණයක් මෙසේ ය. ‘‘ඔබ කැන්ටබරියේ අගරදගුරු වුවත් ඔබට ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි සත්තුවත්තක සිටින පෙන්ග්වින් සතෙකුට හිංසා කළහොත්. ඔබට ගැළවීමක් නැත. සෙසු සෑම පුරවැසියෙකු සේම ඔබ ද එහි දඬුවමට පාත්‍ර විය යුතුය.“

එංගලන්ත මහරැජිනගේ සැමියා ද ඒ අනුව එංගලන්තයේ පවතින නීතිය මත පාලනයට යටත් මිනිසෙකි. ඔහු ඒ බව සිය ක්‍රියාවෙන් පෙන්වමින් සිටින්නේ තමන් නීතිය ගරු කරන අයෙකු බව පමණක් නොව, මහත්මා ගුණ ඇති මනුෂ්‍යෙයකු බව ද පෙන්වා දෙමිනි.

යම් හෙයකින්, අධිකතර සිවිල් හෝ දේශපාලන බලයක් හිමි අයෙකු ලංකාවේදී රිය අනතුරක් සිදුකළහොත් ඇති වන තත්වය සමග එංගලන්ත මහරැජිනගේ සැමියාගේ තත්වය සසඳා බැලීම ඔබට බාර ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි