×

නෙදර්ලන්තයේ මහ මග වෙඩි තැබීමක්

නෙදර්ලන්තයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිප දෙනෙක් තුවාළ ලබා ඇත.


විදෙස් වාර්තා සඳහන් කරන්නේ ට්‍රෑම් රියකින් පැමිණි අයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ප්‍රහාරයෙන් පසුව ඔහු පළා ගොස් ඇති අතර, කිසිවෙකුත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැත.

අට්‍රෙක් (Utrecht) නුවරින් මෙම සිදුවීම වාර්තා වේ.

ඔක්ටපෑම් නගර චතුරස්‍රය අසල ගමන් ගත් පදිකයන් කිහිප දෙනෙක් මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතියි.

ලෝකයේ සාමකාමී ම රටක් වශයෙන් සලකන නෙදර්ලන්තයෙන් මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වන්නේ අතිශය කලාතුරකිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි