×

ඉන්දියාවේ අස්සාම් හි භූකම්පනයක් – ජීවිත හානි වාර්තා වී නැහැ

ඉන්දියාවේ අස්සාම් ප්‍රදේශයේ රික්ටර්මාපකයේ 6.2 ඉක්මවූ භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.


එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ මෙම භූකම්පනය දෙකියාජුලි නගරයේ කිලෝමීටර 34 ක පමණ පත්ලේ සිටත්, අස්සාම් ප්‍රදේශයේ ගුවහාති නගරයේ කිලෝමීටර 140 ක පමණ පත්ලේ සිටත් හට ගෙන ඇති බවයි.

භූකම්පනයෙන් ප්‍රදේශයේ නිවාස ඇතුළු දේපල රැසකට අලාභ හානි සිදුව ඇති මුත් දැනට වාර්තා වන පරිදි ජීවිත හානි සිදුව නැත.

මෙම භූකම්පනයෙන් පසු ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙමඟින් සිදුවූ හානිය පිළිබඳ තක්සේරු වාර්තා සකස් කරමින් සිටින බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි