×

චීනයේ භූමිකම්පාවකින් 100කට අධික පිරිසක් මිය යයි

දෙවන භූමිකම්පාවක් ෂින්ජියැන් පළාතට ඇතිව ඇති අතර ඉන් සිදු වූ ක්ෂනික හානිය තවමත් තක්සේරු කර නොමැත.


ඊයේ(18) රාත්‍රියේ වයඹ දිග චීනයේ ටිබෙට් සහ ලෝස් සානුව අතර වන අතර මොංගෝලියාවට මායිම්ව පිහිටා ඇති ගනසු පළාතට ඇතිවූ 5.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 111 දෙනෙකු මිය ගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රධාන භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු රිච්ටමාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාවක් ෂින්ජියැන් පළාතට ඇතිව ඇති අතර ඉන් සිදු වූ ක්ෂනික හානිය තවමත් තක්සේරු කර නොමැත.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනයේ දුප්පත්ම කලාපයක් වන ගන්සු වෙත පූර්ණ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට නියෝග කර ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, සෝදිසි කිරීම සහ ගලවා ගැනීම් මඟින් තුවාලකරුවන්ට කාලෝචිත ආකාරයකින් ප්‍රතිකාර කිරීම සහ ජීවිත හානි අවම කිරීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි