×

දකුණු පිලිපීනයටත් සුනාමි අවදානමක්

අද උදෑසන දකුණු පිලිපීනයේ ඇතිවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ අංශක 7.0 ලෙස සටහන් වූ අතර පිලිපීනයේ මින්ඩනාවෝ, දවාවෝ සහ පොන්ඩගුයිටාන් නගර වලට මෙම භූමිකාම්පාව බලපා ඇත.


දකුණු පිලිපීනයේ වෙරළාසන්න ප්‍රදේශවල ඇතිවූ භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ඇමරිකානු පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (US Pacific Tsunami Warning Center) පවසයි.

අද උදෑසන දකුණු පිලිපීනයේ ඇතිවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ අංශක 7.0 ලෙස සටහන් වූ අතර පිලිපීනයේ මින්ඩනාවෝ, දවාවෝ සහ පොන්ඩගුයිටාන් නගර වලට මෙම භූමිකම්පාව බලපා ඇත.

අද පසුවරු දෙකට පමණ මුහුදු මට්ටම ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වන අතර ප්‍රදේශයේ සියලු ජනතාවට ආරක්ෂිත පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි