×

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

එහි ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක් ලෙස සටහන් වී ඇති අතර මේ හේතුවෙන් රටේ දෛනික කටයුතු රැසකට බලපෑම් එල්ල වී ඇත.


තායිවානයේ තායිපේ නගර ප්‍රදේශය අවට ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක් ලෙස සටහන් වී ඇති අතර මේ හේතුවෙන් රටේ දෛනික කටයුතු රැසකට බලපෑම් එල්ල වී ඇත.

එම භූ කම්පනය හේතුවෙන් තායිපේ නගරයේ ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි