×

ඉබෝලා සුව කළ හැකි ලකුණු

.


මේ වන විට ලෝකයම මුහුණ දෙමින් සිටින දරුණු වසංගත රෝගයක් ලෙසින් සැලකෙන ඉබෝලා වෛරසය සුව කළ හැකි ලකුණු පහළ වී ඇති බව ඒ පිළිබදව පර්යේෂණ පවත්වමින් සිටින විද්‍යාඥයින් පිරිසක් විසින් පෙන්වා දී ඇත.

මේ සදහා විශේෂ ප්‍රතිජීවක ඔෂධ වර්ග 4ක් හදුනාගෙන ඇති අතර ඒවා අත්හදා බැලීම් සදහා මේ වන විට කොංගෝ ජනරජයෙහි ඉබෝලා රෝගීන් සදහා ලබා දී ඇත. කොංගෝ ජනරජය යනු මෑක කාලීනව ඉබෝලා හේතුවෙන් ඉතාමත් දරුණු ලෙස පීඩා විදි රටකි.

ලෝක සෞඛ්‍ය සංවිධෘනය පවසන්නේ මෙසේ සාර්ථක ප්‍රතිජීවක සොයා ගත හැකි වීම ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු සුබ ආරංචියක් බවයි.

මෙසේ සොයා ගැණු ප්‍රතිජීවක 4 අතරින් මේ වන විට REGN-EB3 සහ mAb114යන ප්‍රතිජීවක ඔෂධ දෙක ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව අනාවරණය වී ඇත.
ඉබෝලා යනු මෑත වසර වල ලෝකය දරුණු ලෙස පීඩා විදී වසංගත රෝගයක් වන අතර විශෞෂයෙන්ම බටහිර අප්‍රිකානු රටවල් වන සියරාලියෝන් , ලිබියාව සහ ගිනියාව යන රටවලින් පමණක් පුද්ගල මරණ 11310ක් වාර්ථා විය . එය ලෝකයේ මෙතෙක් වෛරස් රෝගයක් හේතුවෙන් මිය ගිය බවට වාර්ථා වූ වැඩිම සංඛ්‍යාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි