×

ඉක්වදෝරයේ භූ කම්පනයෙන් 15 දෙනෙක් මරුට

2016න් පසු ඉක්වදෝරයට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙය බව සැලකේ.


මිලියන තුනක් පමණ ජීවත්වන ඉක්වදෝරයේ දෙවන විශාලතම නගරය වන ගුවායාකිල් සිට කිලෝමීටර් 80ක් (සැතපුම් 50ක්) පමණ දුරින් බාලාඕ ආසන්නයේ සිදු වූ රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මධ්‍යම රාත්‍රියේ ඇති වූ භු කම්පනයෙන් මචලා සහ කුවෙන්කා ඇතුළු නගර කිහිපයක ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති අතර එහි වැඩිම බලපෑම එල් ඕරෝ ප්‍රදේශයට සිදුව ඇති අතර එහි පුද්ගලයන් 12 දෙනෙක් මියගොස් තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වන අතර 2016න් පසු ඉක්වදෝරයට බලපෑ ප්‍රබලම භූ කම්පනය මෙය බව සැලකේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි