×

පැන්ඩා යුවළකට දරුවකු ඕනෑ කර තිබේ.

"ස්වීටි"සහ "සන්ෂයින්" දෙදෙනාගෙන් ආදරණීය තෙවැන්නකු බලාපොරොත්තුවෙන් එඩින්බරෝ සත්ත්වෝද්‍යාන බලධාරීහු සිය සේවකයන්ව සීරුවෙන් තබති.


ටියැන් ටියැන් හෙවත් “ස්වීටි” සහ යැන්ග් ගුවැන්ග් හෙවත් “සන්ෂයින්” ස්කොට්ලන්තයේ එඩින්බරෝ සත්ත්වෝද්‍යානයේ වෙසෙන යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් පැටවකු ලබාගැනීමට සත්ත්වෝද්‍යාන බලධාරීහු මේ දිනවල වෙහෙස වෙමින් සිටිති.

මේ නිසා ටියැන් ටියැන්ගේත් යැන්ග් ගුවැන්ග්ගේත් ප්‍රේමනීය සම්බන්ධතාවලට බාධාවන කිසිවක් අවට පරිසරයේ නොතැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. අනෙකක් තබා සත්ත්වෝද්‍යාන සේවකයන්ට තද පැහැති ජැකට්ටු ඇඳ එම යුවළගේ කූඩුව අසලට යෑමත් තහනම් කර ඇත. සත්ත්වෝද්‍යානය තුළ යන්ත්‍ර සූත්‍ර භාවිතයත් මේ වනවිට නවතා දමා තිබේ. සත්ත්වෝද්‍යාන බලධාරීන් එවැනි තීරණයකට එළඹ තිබෙන්නේ යෝධ පැන්ඩාවුන් තද වර්ණවලට, ශබ්දවලට සහ කම්පනවලට ඉතා සංවේදී බව විද්‍යාත්මක පර්යේෂණවලින් සනාතව ඇති නිසයි. එවැනි දෑ නිසා ටියැන් ටියැන්ගේත් යැන්ග් ගුවැන්ග්ගේත් සබඳතාවලට බාධා පැමිණෙන්නට ඉඩ ඇති බවට සැකයක් මතුව තිබේ. එය අවසානයේදී බලපානු ඇත්තේ මේ යුවළ අතර ස්වභාවික සංසේචන ක්‍රියාවලිය කෙරෙහි බව සත්ත්වෝද්‍යාන බලධාරීහු පවසති.

mailonline.com

mailonline.com

ටියැන් ටියැන් සහ යැන්ග් ගුවැන්ග් ස්කොට්ලන්තයේ එඩින්බරෝ සත්ත්වෝද්‍යානය වෙත රැගෙන ආවේ චීනයේ බිෆෙනග්ෂියා යෝධ පැන්ඩා කඳවුරේ සිටය. කෙටි කාලයක් සඳහා සතුන් හුවමාරු කරගැනීමේ වැඩ පිළිවෙලක් යටතේ ඔවුන් දෙදෙනා 2011 වසරේදී මේ සත්ත්වෝද්‍යානයට රැගෙන එන ලදී. ඒ අනුව 2021 වනතුරු ටියැන් ටියැන් සහ යැන්ග් ගුවැන්ග්, එඩින්බරෝ සත්ත්වෝද්‍යානයේ තබා ගැනෙනු ඇත. මේ සත්ත්වෝද්‍යානයට රැගෙන එන්නට පළමුව ටියැන් ටියැන් අවස්ථා දෙකකදී දෙවරක් පැටවුන් වැදූ බව සඳහන් වේ. ඒ, ෂෙන් වෙයි සහ බෝ යන පිරිමි යෝධ පැන්ඩාවන්ට දාවය.

මේ පසුබිම නිසා ටියැන් ටියැන් කෘත්‍රිමව සංසේචනය කර ගැබ් ගැන්වීමට සත්ත්වෝද්‍යාන බලධාරීහු 2013 වසරේ සිට උත්සාහ ගත්හ. ඒ සියලු උත්සාහයන් අසාර්ථක විණ. යැන්ග් ගුවැන්ග් ස්වභාවිකව ටියැන් ටියැන් සමඟ ප්‍රජනන කාර්යයේ යෙදීම ප්‍රමාද කරමින් සිටින බවත් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය සත්ත්වොද්‍යානයක් තුළ යෝධ පැන්ඩාවන් සිටින්නේ නම් ඒ, එඩින්බරෝ සත්ත්වෝද්‍යානයේ පමණක් බවත් සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි