×

එල් සැල්වදෝරය පුහුණු ශ්‍රමිකයන් 5,000ක් සඳහා පුර්ණ පුරවැසි භාවය පිරිනමයි

එල් සැල්වදෝරයේ අනාගතයට විශාල බලපෑමක් ඇති කිරීමට මෙම තීරණ හේතුවන බව ජනාධිපතිවරයා දැඩිව විස්වාස කෙරේ.


සටහන:සශිකලා මධුෂාණි , අප්‍රේල් 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : විදේශ ආයෝජන සමඟ රටේ ආර්ථිකය නංවාලීමේ නවතම උත්සහයක් ලෙස විදේශයන්හි සිටින ඉහළ පුහුණු ශ්‍රමිකයන් සඳහා නොමිලේ විදේශ ගමන් බලපත්‍ර 5,000ක් පිරිනැමීමට සිය රජය සුදානම් බව එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කලාකරුවන් සහ දාර්ශනිකයන්ට නොමිලේ ලබා දෙන විදේශ ගමන් බලපත්‍රයට අමතරව ඡන්ද අයිතිය ඇතුළු පූර්ණ පුරවැසිභාවය මෙහිදී ලැබෙනු ඇත.

මධ්‍යම ඇමරිකානු රටක් වන එල් සැල්වදෝරයේ අනාගතයට විශාල බලපෑමක් ඇති කිරීමට මෙම තීරණ හේතුවන බව ජනාධිපතිවරයා දැඩිව විස්වාස කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි