Elephant tourism in Thailand
කොට අදින ඇත්තු, කරඬුව ගෙන යන ඇත්තු, පෙරහැරේ යන ඇත්තු යන මේ හැම දේකින්ම කියැවෙන්නේ මහ වනේ ජීවත් වුණු ගාම්භීරයා, සද්දන්තයා මිනිසා විසින් කොන්දේසි විරහිතව තමන්ගේ දේපළක් ලෙස සලකා හීලෑ කිරීමේ ශෝඛාන්තයක්. සමහර වෙලාවට මේ දේවල්වලට අපි සංස්කෘතික වටිනාකමක් ගැබ් කරන බව ඇත්ත. නමුත් කිසිම පෙරහැරේ යන ඇතෙක්, කැමැත්තෙන් පන්සලට ආ අය නොවෙන්න ඇති. මේ පිළිබඳ ලෝකයේ පර්යේෂණ බොහොමයි. ‘පෙරහැරේ යන අලි‘ සම්බන්ධයෙන් දැවැන්ත ඉතිහාසයක් ඇති ලංකාවේ මේ පිළිබඳ කළ පර්යේෂණවලින් පවා හෙළි වුණු කරුණු බොහොමයි. ඒ අතර ස්ථාපිත වුණු කරුණක් වුණේ, ඇතැම් විට ඇතින්න මරා පැටවා පන්සලට ගෙන එන බව. එසේත් නැතිනම් මවගෙන් පැටවා වෙන් කරන බව. මේ සියල්ල අතරේ ‘අලි ඇතුන් පිටේ රවුම් යාම‘ ලංකාවත් ඇතුළුව ලෝකයේම සංචාරක කර්මාන්තයේ අලුත්ම ආකර්ෂණයක් බවට පත් වෙලා.
http://www.thailand-secrets.net/
මේ තිබෙන්නේ තායිලන්තයේ තත්වය. තායිලන්තයේ මෙය කොතරම් සුලබ අන්දමින් සිදුවනවාදැයි කියනවා නම් ‘elephant tourism‘ කියලා එයට නමකුත් පටබැඳිලා. තායිලන්තයට එන විදෙස් සංචාරකයන් මේ අත්දැකීම සලකන්නේ ‘ලබාගත යුතුම දෙයක්‘ විදිහටයි.
මේ සමග පළවන ඡායාරූප මේ දිනවල සමාජ ජාල හරහා විශාල ප්‍රචාරයක් ලබනවා.
ඒවායින් දැක්වෙන්නේ වනයෙන් අල්ලාගෙන ආ මහේශාක්‍ය දැවැන්තයා, මිනිස් අත්වලින් කෙළසී යන ආකාරයයි. විවිධ හිරිහැර, අනේක විධ වේදනාවන්ට ලක් කර ‘හීලෑ‘කර, ඉන්පසු විදේශිකයන් පිටේ තියාගෙන යා හැකි තත්වයට බලයෙන් පත් කරන ආකාරයයි.
http://www.thailand-secrets.net/
http://www.thailand-secrets.net/
http://www.thailand-secrets.net/
මේ පිළිබඳ වැඩි විස්තර http://www.thailand-secrets.net/ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
ආසියානු අලියා මේ වන විට වඳවී යාමේ තර්ජනයට ලක් වුණු සත්වයෙක් බව අමතක කරන්න එපා. ආසියාතික අලියා 1986 වසරේ පටන්ම සිටින්නේ රතු දත්ත ලැයිස්තුවේ. බලන්න, IUCN Red List.
මුළු ලෝකයටම මේ දැවැන්තයන් සිටින්නේ 50,000 ක් විතර. ලංකාවේ ජීවත් වන ආසියාතික අලියා වන්නේ ‘එලිෆස් මැක්සිමස්‘ (Elephas maximus maximus). එය ආසියාතික අලියාගේ උප විශේෂයන් 3 න් 1 ක්. 19 වන සියවසේ 12,000-14,000 ක් පමණ සිටි ශ්‍රී ලංකාවේ වන අලියා දැන් සිටින්නේ 6000 කටත් අඩු ප්‍රමාණයක්. තායිලන්තය ගැන සැලකීමේදී තායිලන්තයේ සිටින්නේ ආසියාතික අලින් 2000කටත් අඩු සංඛ්‍යාවක්. උන්ගේ ගහණයත් සීඝ්‍රෙයන් අඩු වෙමින් යනවා.
උතුරු දිග තායිලන්තයේ Elephant Nature Park (ENP) යනුවෙන් මෙවැනි සංචාරක කර්මාන්තයේ ගොදුරු බවට පත්වුණු අලි ඇතුන් පුනරුත්ථාපනය සහ රැක බලා ගැනීම සඳහාම රක්ෂිත පවා බිහි වී තිබෙනවා. Elephant Nature Park (ENP) හි අක්කර 250 ක වන බිමක්, මේ විදිහට සංචාරක කර්මාන්තයේ නාමයෙන් ‘අපහරණයට‘ ලක්වුණු අලි ඇතුන් 36 දෙනෙකුට අභය භූමියක් වී තිබෙනවා. නමුත් තායිලන්තයේ හැම අලියෙකුටම-හැම ඇතෙකුටම ඒ රක්ෂිතය වෙත යන්නට වාසනාව තිබෙනවාද?
ඒ නිසාම තායිලන්තයේ අලි ඇතුන් පිට යාමේ සංචාරක කර්මාන්තය අධෛර්මයත් කිරීම සඳහා මේ වන විට සමාජ ව්‍යාපාරයක් පවා ඇති වී තිබෙනවා.
මේ, ‘elephant tourism‘ වැළැක්වීම සඳහා තායිලන්ත රජයට බල කරන එක් ප්‍රචාරණ වැඩපිළිවෙළක පාඨයක්.
https://expertvagabond.com/
තායිලන්තය ගැන තවත් ලිපි මෙතැනින්: